නෙළුම් මලක වැඩ සිටින බුදුරුව පච්ච කොටා පැමිණි සුද්දිය රටින් පිටුවහල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 23, 2014

නෙළුම් මලක වැඩ සිටින බුදුරුව පච්ච කොටා පැමිණි සුද්දිය රටින් පිටුවහල්

බුදුරුව දකුණු බාහුවේ 

බුදු දහමට නිගා වන අන්දමින් නෙළුම් මලක වැඩ සිටින බුදුන් වහන්සේ ගේ රුව මහජනයාට හොඳින් පෙනෙන අන්දමින් දකුණු බාහුවේ (උරහිසේ) පච්ච කොටා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වහාම ඇගේ මව් රටට පිටුවහල් කිරීම සඳහා ඇය ආගමන විගමන පාලකගේ මිරිහාන රැඳවුම් කඳවුරට භාරදුන් පුවතක් මීගමුව පොලීසියෙන් අප වෙත වාර්තා වෙනවා.

පිටුවහල් නියෝග ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික 37 හැවිරිදි මිචෙල් කැමලීන් නමැත්තියකි. ශ්‍රී ලංකාවට පැමිණි ඇය කටුනායක ගුවන්තොටුපළේදී
අත්අඩංගුවට ගත් ගුවන්තොටුපළ පොලිසිය ඇය අධිකරණය හමුවට පමුණුවා තිබුනා.

මෙහිදී පො.කො. (38226) දිසානායක මහතා සමඟ පැමිණිල්ල මෙහෙයවූ ගුවන් තොටුපළ පොලිසියේ සැරයන් (64057) ඩබ්ලිව්. ඒ. ඩී. වීරසිංහ මහතා මෙම බ්‍රිතාන්‍ය ජාතික කත නෙළුම් මලක වැඩ සිටින බුදුරුව පච්ච කොටා ගෙන ඇත්තේ මහජනයාට හොඳින් පෙනෙන පරිදි දකුණු බාහුවේ බවත් ඇය ශ්‍රී ලංකාවට ඇතුළු වුවහොත් මෙම තත්ත්වය මත විශාල මහජන කැළඹීමක්‌ ඇතිවීමට ඉඩ ඇති බවත් පැවසීය.

එම තත්ත්වය සැලකිල්ලට ගත් මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා එම කත ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට නියෝග කළේය. බ්‍රිතාන්‍ය ජාතික කත වෙනුවෙන් නීතිඥ මහින්ද සුගතදාස මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා පෙනී සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad