රට පුරා පැතිරී ගිය කොවිඩ් 19 රැල්ලෙන් හමුවූ ළාබාලම බිලිඳිය 24 වැනිදා රාගම රෝහලෙන් වාර්තා වෙයි.
උණ රෝගයෙන් පෙළුණ මාස හයක් වයසැති බිලිඳු දැරියට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ඇත.
24 වැනිදා එම වාර්තාවේ ප්‍රතිඵල රෝහලට ලැබීමෙන් පසු දැරිය කොවිඩ් 19 වසංගතයට ගොදුරුව ඇති බව අනාවරණය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත වැඩිදුර ප්‍රතිකාර සඳහා දැරිය මුල්ලේරියාව උණ රෝහලට යවා ඇත.
මෙම කුඩා බිලිඳියගේ සීයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කොවිඩ් -19 පොකුරට අයත් ආසාදිතයකු බව අනාවරණය වී ඇතැයි රාගම රෝහලේ ප්‍රජා සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දී ඇත.
- කොරෝනා
No comments:
Post a Comment