20 සම්මත වුණාට ජනපතිට ලොකු බලයක් ලැබෙන්නෙ නෑ.. සිරිසේන ජනපතිටත් වඩා අඩු බලයක් තමයි ලැබෙන්නේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 18, 2020

20 සම්මත වුණාට ජනපතිට ලොකු බලයක් ලැබෙන්නෙ නෑ.. සිරිසේන ජනපතිටත් වඩා අඩු බලයක් තමයි ලැබෙන්නේ..

20 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ බලයක් නොලැබෙන බවත් පෙර සිටි ජනාධිපතිවරුන්ටත් වඩා අඩු බලයක් මෙයින් ලැබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග, චන්ද්‍රකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන අයට වඩා අඩු බලයක් තමයි 20 වෙනි සංශෝධනයෙන් ලැබෙන්නෙ. ඒ කියනනේ 19 ට පෙර තිබූ තත්ත්වයමයි. අමුුතු බලයක් ලැබෙන්නෙ නැහැ.

19 අහෝසි කරන්න 69 ලක්ෂයක් ජනතාව ජනාධිපතිතුමාට ජන්දය දීලා තියෙනවා. අපි දැක්කනෙ 19 හින්දා එක පැත්තකින් ආර්ථිකය විනාශ වුනා. තව පැත්තකින් රටේ ආරක්ෂාව පිරිහුණා. මහබැංකුව මංකොල්ල කෑවා. අපිට ඕනේ එහෙම ව්‍යවථාවක් නෙමේ. 19 වෙනි සංශෝධනය වෙනස් කරනවා කියලා අපි ජනතාවට පැහැදිලිව කීවා. ජනාධිපතිවරණයේදීත් ජනතාව අනුමැතිය දුන්නා. පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ජනතාව තුනෙන් දෙකක බලයක් එක්ක අනුමැතිය දීලා තියෙනවා.

අපි ලබන 22 බ්‍රහස්පතින්දා 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තුනෙන් දෙකක බහුතරය බලයකින් සම්මත කරලා රටේ ජනතාව ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වූ ආර්ථිකය හා අනෙකුත් සංවර්ධනයට බාධාවන දේවල් අයින් කරලා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාව අනුව ජනාධිපතිතුමාට රට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය ශක්තිය ලබා දෙනවා වගේම නිලධාරීන්ටත් වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය මින් ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

– Media unit 

No comments:

Post a Comment

Post Bottom Ad