කටුපොත සිදුවූ අනතුරකින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවකට දිවි අහිමිවෙයි - (Photos) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 16, 2020

කටුපොත සිදුවූ අනතුරකින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවකට දිවි අහිමිවෙයි - (Photos)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් ඊයේ දින කුරුණෑගල කටුපොත ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුරයේ ජීවත් වූ 33 හැවිරිදි පූජානී ලියනගේ නමැති ක්‍රීඩිකාවක්.

කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹ නැවතී සිටි ඇය ඊයේ  දින නිවෙස කරා යතුරුපැදියකින් ගමන් කරන අතරතුර මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

ඇය ශ්‍රී ලංකාව කණ්ඩායම නියෝජනය කරමින් තරග වලට ක්‍රීඩා කර නොතිබූ අතර ඇය ශ්‍රී ලංකාවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සංචිතයට එක්කර තිබුණා.

පා දඟ පන්දු යවන ක්‍රීඩිකාවක් වන ඇය දේශීය ක්‍රිකට් පිටියේ මෙන්ම පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලදී දස්කම් දැක්වූ ප්‍රවීණ ක්‍රීඩිකාවක් බව සඳහන්.


No comments:

Post a Comment

Post Bottom Ad