මහින්දානන්දගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 24, 2020

මහින්දානන්දගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි

මහින්දානන්දගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි

‍2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනිමට විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් අද (24) උදෑසන ගොස් තිබේ.

‍2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සිදුකරන විමර්ශනයට අදළව මෙම ප්‍රකාශය ලබා ගන්නා බව සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරඟය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පසුගිය දා තීරණය කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad