පුතාට සහය දෙන්නේ නෑ..දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නවා - රෝසි තීන්දුවක් ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 4, 2020

පුතාට සහය දෙන්නේ නෑ..දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නවා - රෝසි තීන්දුවක් ගනී

පුතාට සහය දෙන්නේ නෑ..දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නවා - රෝසි තීන්දුවක් ගනී

මහජන ඡන්දයෙන් තේරී පත් වූ තමා කිසි ලෙස කොළඹ නගරාධිපති ධුරයෙන් ඉවත් කළ නොහැකි බව රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

එක්සත් ජාතික පක්ෂයේ නීති රෙගුලාසිවලට කිසි දිනෙක පිටුපා නැති බවත් තමාට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවට පළ වන වාර්තා අසත්‍ය බවත් ඇය ප්‍රකාශ කළාය.

අද වන විට එක්සත් ජාතික පක්ෂය අයිති කරගෙන සිටින බොහෝ පිරිසකට වඩා තමන් පක්ෂයට කැප වී සේවය කළ බව පවසන ඇය ඉදිරි මහ මැතිවරණයේ දී තමන් එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට සහයෝගය නොදක්වන බව කියා සිටියාය.

ඔවුන් තමන්ගේ දේශපාලන සහෝදරයන් නිසා ඔවුන්ට විරුද්ධව දේශපාලනය කිරීමට තමන්ට නොහැකි බව රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

සමගි ජන බලවේගයෙන් ඉදිරි මැතිවරණයට තම පුත‍්‍රයා ඉදිරිපත් වුවත් ඔහුට ද තමන් සහයෝගය නොදෙන බව ඇය කියා සිටියාය.

තමන් නගරාධිපති ධුරය එක්වරක් දැරීමට පමණක් දේශපාලනයේ නිරත වන බව පැවසූ රෝසි සේනානායක මහත්මිය ඉන්පසු තමන් ජාතික දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නා බවද කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad