වත්මන් ජනාධිපතිවරයා වටාත් කේවට්ටයන් සහ චරපුරුෂයන් සිටින හෙයින් ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (26) නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවේදීය.
එම කේවට්ටයන්ගෙන් ප්‍රවේශම් වුණොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රට පාලනය කිරීම හොඳින් කළ හැකි බව උන්වහන්සේ පැවසුවේය.
හිටපු හැම නායකයෙකුටම වැරදුණේ ඔහු වටා සිටින පුරෝහිතයන්ගේ කේවට්ටයන්ගේ කතා අසා ඒ අනුව වැඩකිරීමට යාමෙන් බව ආනන්ද හිමියෝ කියා සිටියහ.
එමෙන්ම පසුගියදා සමඟි ජන බලවේගයේ ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා අගරදගුරු හිමිපාණන් සම්බන්ධයෙන් කළ ප්‍රකශය පිළිබඳවද අදහස් දැක් වූ අතර උන්වහන්සේ පැවසුවේ පැවිදි හඬ සංවිධානය ලෙස එකහෙලාම එය ප්‍රතික්ෂේප කරන බවයි.
අගරදගුරු හිමිපාණන් තවත් ආගමික නායකයෙක් වන අතර බෞද්ධ නායකයන්ගෙන් විය යුතු දේවල්ද උන්වහන්සේ විසින් සිදුකරන තිබෙන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.
ඒ අනුව එවැනි වාචාල අනුන්ට ගරහන අය තවත් පාර්ලිමේන්තුවේ තියාගන්නවද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජනතාවට දැන් හොඳ අවස්ථාවක් ලැබී ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.
No comments:
Post a Comment