කොරෝනා රට පුරා පැතිරී යාමේ අවදානමක් යලිත් - ජනපති රටට දැනුම් දේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 24, 2020

කොරෝනා රට පුරා පැතිරී යාමේ අවදානමක් යලිත් - ජනපති රටට දැනුම් දේ !

නතාව නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවතත් කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ නිසා තවදුරටත් සෞඛ්‍ය අංශ හා රජයේ උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ට ඉල්ලා සිටින බවද ඒ මහතා පවසයි.

කොරෝනා වෛරසය නිසා ලොව සියලු රටවල් මේ වන විටත් දරුණු ලෙස පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව සහ සාමුහික ක්‍රියාවලියක උත්සාහයක් මත සාධනීය ජයග්‍රහණයක් ලබා ඇති නමුත් වෛරසය තවමත් ලොවෙන් තුරන් වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත්තේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad