අගමැති-සුමන්තිරන් හමුවේ.. බලය බෙදුවොත් ආණ්ඩුවට සහාය දෙන බව සුමන්තිරන් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 14, 2020

අගමැති-සුමන්තිරන් හමුවේ.. බලය බෙදුවොත් ආණ්ඩුවට සහාය දෙන බව සුමන්තිරන් කියයි

ගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඔවුන් දෙදෙනා අතර පමණක් අරලියගහ මන්දිරයේදී පවත්වා ඇති මෙම සාකච්ඡාව පැයක පමණ කාලයක් තිස්සේ පැවතී ඇත.
සුමන්දිරන් මන්ත්‍රීවරයා එහිදී අගමැතිවරයාට පවසා ඇත්තේ නව ව්‍යවස්ථාවක් හරහා බලය බෙදීමක් සිදු කළහොත් ආණ්ඩුවට සහාය ලබාදීමට හැකි බවයි.

එමෙන්ම දැනට රඳවාගෙන සිටින දෙමල රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

ඉදිරියේදී මේ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන්නැයිද අගමැතිවරයා විසින් එහිදී සුමන්දිරන් මහතාට දැනුම් දී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad