පොළොන්නරුවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා තමා හැර ඊට වඩා වැඩ කළ අයෙක් සිටින බව ඔප්පු කළ හැකි නම් තමා දේශපාලනයෙන් ඉවත් වන බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පවසයි.
ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තෝරා පත්කර ගන්නා අපේක්ෂකයින් සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පක්ෂ මාධ්‍යම කාරක සභාව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එය කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මුලස්ථානයේ දී පැවති අතර එම අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පේෂල ජයරත්න මහතා පවසා සිටියේ, වෙනම මැතිවරණයට තරග කළහොත් ආසන 25 ක් පමණ ලබා ගත හැකි බවයි.
මධ්‍යම කාරක සභාව විසින් පොදුජන පෙරමුණින් තරග කිරීමට තීන්දු කළ බවත් පැවසු ඒ මහතා, ශ්‍රීලනිපයේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනා වැඩ කරන බවද කියා සිටියේය.
එජාපය සමඟ කිසිදු අවස්ථාවක ආණ්ඩුවක් සෑදීමට බලාපොරොත්තුවක් නොමැති බවත් පැවසු ඒ මහතා, ජනාධිපතිවරණයේ දී ගත් තින්දුව අනුව ඉදිරියටත් පොදුජන පෙරමුණ සමඟ කටයුතු කරන බවත් පැවසීය.
පොළොන්නරුවේ කිසිදු ගැටළුවක් නොමැති බවත් සමහරුන්ට තමන් ප්‍රශ්නයක් වී ඇතැයි ද පැවසු ජයරතන්න මහතා, පොළොන්නරුවේ කණ්ඩායම් නායකයා වන්නේ ද මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් පොළොන්නරු ජනතාව ඡන්දය ලබා දෙන බවත් කියා සිටියේය.
No comments:
Post a Comment