තව අවුරුදු 80කින් එනම් වර්ෂ 2100 වන විට ලොව පුරා වෙරල තීරයන්ගෙන් හරි අඩක්ම අතුරුදහන් වන බව ශ්‍රී ලංකාවේ උපන් දේශගුණික කටයුතු පිලිබඳ මහාචාර්ය වරයෙකු වන රොෂාන්ක රණසිංහ මහතා පෙන්වා දෙයි.
වසර 25ක සැටලයිට් දත්ත නිරීක්ෂණයෙන් හා වසර 82ක දේශගුණික හා සාගර වෙනස්වීම් පිලිබඳ කළ අධ්‍යනයකින් පසුව ඔහු මෙම අදහස් ඉදිරිපත් කර තිබේ.
මෙම බලපෑමට ශ්‍රී ලංකාවද මුහුණ දෙන අතර වර්ෂ 2100 වන විට නැගෙනහිර වෙරල තිරයේ මීටර් 100 - 200 අතර ප්‍රමාණයක්, බටහිර වෙරල තිරයේ මීටර් 150ක ප්‍රමාණයක් උතුරු හා දකුණු වෙරල තිරයේ මීටර් 100ක ප්‍රමාණයක් අතුරුදහන් වන බවට ඔහු අනතුරු අඟවා තිබේ.
මින් වැඩිම බලපෑම එල්ල වන්නේ ඔස්ට්‍රේලියාවට වන අතර එහි වෙරල තීරයෙන් කිලෝ මීටර් 14849ක් අතුරුදහන් වන බවද ඉන්පසු වැඩිම බලපෑමක් එල්ල වන කැනඩාවේ වෙරල තීරයෙන් කිලෝමීටර් 14425ක් අතුරුදහන් වන බවද ඔහු පෙන්වා දෙයි.
No comments:
Post a Comment