වනජීවී නිලධාරිනියට එරෙහි පරීක්ෂණ – අලුත් ආණ්ඩුවත් පරණ පාරේම යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 15, 2020

වනජීවී නිලධාරිනියට එරෙහි පරීක්ෂණ – අලුත් ආණ්ඩුවත් පරණ පාරේම යයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමග ‌නොබියව සිදුකළ සංවාදයක් මුල් කරගෙන රටේම ආදරය දිනාගත් ගම්පහ අඩවි වන නිලධාරී ‌දේවානි ජයතිලක මහත්මියට එරෙහිව ‌මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින්  වාර්තා වනවා.

ඒ, මීට ඉහත දී ගම්පහ අමිතිරිගල ප්‍රදේශයේ ගස් කැපීමක දී ඇතිවූ බහින්බස් විමක සිදුවීමක් නැවත විමර්ශනයට ගනිමිනුයි.

එම පැමිණිල්ල ස්වාමින් වහන්සේ නමක් විසින් සිදු කර තිබූ අතර මීට පෙර එම පැමිණිල්ල විභාග කළ නිලධාරීන් එහි වරදක් නොමැති බව පවසා විමර්ශන අවසන් කර තිබුණා.

රජයේ ඉහළ පෙළේ දේශපාලන චරිතයක් විසින් මෙම නිලධාරිනියට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad