ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කර දීම සිය යුතුකම හා වගකීම බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැම විටම "අපට පෙර රට" ලෙස සිතා කටයුතු කළ පක්ෂයක් බව ද අමාත්‍යවරයා පවසයි.
රටට යහපතක් සිදු වන්නේ නම් එය සිදු කළේ සිය පක්ෂය බව පවසමින් එහි කිර්තිය තමන්ට ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්සයට සෑම විටම අවශ්‍ය වන්නේ රටට සෙතක් කිරීමට බවත් එම නිසා පසුගිය මැතිවරණයෙදි ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා කටයුතු කල බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එහි කීර්තිය කුමන පාර්ශවයක් විසින් ලබා ගැනීමට උත්සහ කළද එය සිය පක්ෂයට අදාල නොවන බවද ඒ මහතා සඳහන් කරයි.
එම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති කළා සේම ජනාධිපතිවරයා ලෙස රටට සේවය කිරීම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් සදා ගැනීමටද සහය විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
No comments:
Post a Comment