රට හදන “සෞභාග්‍යයේ දැක්මෙහි” තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (19) ඇරඹිණ.
රටේ ඕනෑම තැනක සිට ප්‍රධාන මාර්ගවලට පහසුවෙන් පිවිසීමේ හැකියාව සැලසීමෙන් ජන ජීවිතය පහසු කිරීම වැඩසටහනේ අරමුණකි.
ව්‍යාපෘතිය ආරම්භ වූයේ පේරාදෙණිය, ගලහ දෙල්තොට හරහා රිකිල්ලගස්කඩ මාර්ගය සංවර්ධනයට මුල පිරීමෙනි. මාර්ගයේ සම්පූර්ණ දුර කි.මි 52කි. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 60 කි.
ව්‍යාපෘතිය යටතේ මාර්ගය කාපට් අතුරා නවීකරණයෙන් පසු රථ වාහන ගමනා ගමනයට මෙතෙක් වැය වූ කාලය විනාඩි 45කින් පමණ අඩු වේ.
ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයා සහභාගී වූ පළමු මහජන හමුව මෙයයි.
මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් හමුවට සහභාගීවීමට ලැබීම සතුටට කරුණක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනතාව හමුවේ තමා කියා සිටි “සුරක්ෂිත රට” බිහිකිරීමට පසුගිය තෙමස තුළ කැපවීමෙන් ක්‍රියාකළ බව එතුමා පැවසීය. ඒ සඳහා ආරක්ෂක ලේකම්ගේ සිට දක්ෂතම නිලධාරීන් පිරිසක් බුද්ධි අංශයට පත් කර ඇත.
ඔවුන්ට බලතල නොබියව භාවිෙ කිරීමට අවසර දී තිබේ. නැවත ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදයක් බිහිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපතිවරයා යළි අවධාරණය කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත විශාල ජාලයක් හඳුනාගෙන ඇත. තරුණ පරපුර ඉන් මුදා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.
අධීකරණයේ ස්වාධීනත්වය සහතික කර තිබේ. ඉන් ජනතාවගේ නිදහස සහ සාධාරණත්වය ඉටුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමාජයේ සෑම ස්ථරයකටම අයත් ජනතාව වෙනුවෙන් සමාන අවකාශයක් උදාකරදීමට තම ධූර කාලය තුළ ක්‍රියා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
දුප්පත්කම තුරන් කිරීමට රැකියා ලක්ෂයක් ලබාදීම, රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීම, දුගී ජනතාව සඳහා “එක ගමකට එක නිවසක්” වැඩසටහන සහ අද පටන් ගත් ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීම “සෞභාග්‍යයේ දැක්මේ” පොරොන්දු අතර වේ.
ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සෑම පොරොන්දුවක්ම ඉටුකරන බව කී ජනාධිපතිතුමා ඒ සඳහා ශක්තිමත් රජයක් ලබාදීමට ජනතාව ක්‍රියා කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.
Thursday, February 20, 2020
ත්‍රස්තවාදයට හෝ ආගමික අන්තවාදයට නැවත කිසිදු ඉඩක් නෑ - ජනපති
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment