රාජාසන කථාව පරාජය කිරීමට අවශ්‍යතාවක් නෑ - විජේපාල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 1, 2020

රාජාසන කථාව පරාජය කිරීමට අවශ්‍යතාවක් නෑ - විජේපාල

රාජාසන කථාව පරාජය කිරීමට අවශ්‍යතාවක් නෑ - විජේපාල

8 වන පාර්ලිමේන්තුවේ 4 වන සැසිවාරය විවෘත කිරීමේ ජනාධිපතිවරයාගේ රාජාසන කථාව පරාජයට පත් කිරීම හෝ ඊට විරුද්ධ වීමට පක්ෂයක් ලෙස කිසිඳු තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

එළඹෙන 3 වනදා උදෑසන 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමට නියමිතයි.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නව සැසිවාරය ආරම්භ කෙරෙන දිනයේ ජනාධිපතිවරයා වෙනුවෙන් සම්මාන වෙඩි මුර 21 ක් සහිත උත්තමාචාරයක් පිරිනැමීමට ද නියමිතයි.

පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙය රාජාසන කතාව ලෙස නම් කෙරෙන අතර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් මෙය පරාජයට පත් කිරීමට සූදානමින් පසුවන බවට විවිධ මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad