මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරිඳ CID භාරයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 30, 2019

මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරිඳ CID භාරයට

ඩුබායි හිදී අත්අඩංගුවට ගනු ලැබූ මහා පරිමාණ සංවිධාන අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරිඳ වන දිලිනි ඉෂාරා නමැත්තිය කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එම කාන්තාව ඊයේ (29) වෙනිදා ඩුබායි සිට පැමිණෙමින් සිටියදී.

අත්අඩංගුවට ගනු ලැබූ එම කාන්තාවගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව නිදහස් කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව මිට තවත් අපරාධ කල්ලියක සාමාජිකයෙක් වන දෙමටගොඩ කළු තුෂාර නැමැත්තා සමග විවාහ වී සිටිය අතර ඔහු වැලිකඩ බන්ධනාගාරයේදී ඇතිවූ කැරැල්ලේ දී මියගොස් තිබුණා. ඉන් පසුව දිලිනි ඉෂාරා නැමති කාන්තාව මාකඳුරේ මධුෂ් සමග විවාහ වී ඔහු සමග ඩුබායි හි ජිවත්ව සිටියා.

පසුගිය පෙබරවාරි මස 05 වෙනිදා ඩුබායි හි තරු පන්ති හෝටලයකදී මාකඳුරේ මධුෂ් විසින් ඔහුගේ දියණියගේ උපන්දින සාදය පවත්වමින් තිබියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මධුෂ් ඩුබායි හිදී නිදහස් කර ගැනීමට මෙම කාන්තාව දැඩි උත්සහයක් ගත් බවට වාර්තා පළවුනා.


No comments:

Post a Comment

Post Bottom Ad