ඩුබායි සිට පැමිණි මධුෂ්ගේ දෙවැනි බිරිය අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 30, 2019

ඩුබායි සිට පැමිණි මධුෂ්ගේ දෙවැනි බිරිය අත්අඩංගුවට

ඩුබායි සිට පැමිණි මධුෂ්ගේ දෙවැනි බිරිය අත්අඩංගුවට

මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරිඳ ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

 මාස 6 ට අධික කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මාකඳුරේ මධුෂ් බැලීම සඳහා ඇය සිය දරුවා සමග පෙරේදා පෙරවරු 8.00 ට පමණ මෙරටට පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කාන්තාව මීට පෙර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ කළු තුෂාර නැමැත්තා සමග විවාහ වී සිට ඇති අතර 2012 නොවැම්බර් මස 09 වැනි දින වැලිකඩ කැරැල්ලේදී කළු තුෂාර නැමැත්තා මිය යාමෙන් පසු ඇය මාකඳුරේ මධුෂ් සමග හිතවත් වී ඔහු සමග ඩුබායි හි වාසය කර ඇත.

දිලිනි ඉෂාරා නමැති මෙම කාන්තාවගේ හා මධුෂ්ගේ දියණියගේ පළමු උපන් දිනය ඉකුත් පෙරබවාරි මස 5 දින ඩුබායි හි තරු පන්තියේ හෝටලයක පැවැත්වෙමින් තිබියදී එරට පොලිසිය සාදයට කඩා වැදී මධුෂ් ඇතුළු 31 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් පිරිස වරින් වර ලංකාවට පිටුවහල් කළ අතර මාකඳුරේ මධුෂ් මැයි මස 5 වැනි දින මෙරටට පිටුවහල් කිරීමෙන් පසු ඔහු තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් පසුවෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන විශේෂ කණ්ඩායමක් ඇයගෙන් ප්‍රශ්න කිරීම සඳහා ගුවන් තොටුපොළ වෙත ගොස් තිබිණ.

No comments:

Post a Comment

Post Bottom Ad