ගම්මිරිස්, කරුංකා, සියඹලා ඇතුළු සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 6, 2019

ගම්මිරිස්, කරුංකා, සියඹලා ඇතුළු සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

ගම්මිරිස්, කරුංකා, සියඹලා ඇතුළු සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

ගම්මිරිස් , කරුංකා , සියඹලා ඇතුළු මෙරට නිෂ්පාදනය කරන සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් , මුදල් අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව කුරුඳු, සාදික්කා, වසාවාසි, ඉඟුරු, කරඳමුංගු, කහ සහ කරාඹුනැටි ආනයනය කිරීම ද තහනම් වනු ඇති.

ඊයේ රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනය මගින් ඍජු ප්‍රතිඅපනයන සහ සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් කුලු බඩු ආනයනය ද තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට මේ හරහා ප්‍රතිලාභ හිමිවන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad