මුසම්මිල් වයඹ ආණ්ඩුකාර නිල නිවාසය ප්‍රතික්ෂේප කරේ බෝගහක් තියන නිසාලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 2, 2019

මුසම්මිල් වයඹ ආණ්ඩුකාර නිල නිවාසය ප්‍රතික්ෂේප කරේ බෝගහක් තියන නිසාලු

යඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ඒ.ජේ.ඒ. මුසම්මිල් මහතා මෙතෙක් වයඹට පත්වූ සියලුම ආණ්ඩුකාරවරුන් භාවිත කළ ආණ්ඩුකාර කාර්යාලය සහ නිල නිවස භාවිතයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බරපතළ ගැටලු රැසක් මතුව තිබේ.


තම කටයුතු සදහා වයඹ ආණ්ඩුකාර කාර්යාලය සහ නිල නිවෙස වෙනුවට කුරුණෑගල වැව රවුමේ පිහිටි වයඹ ප්‍රධාන අමාත්‍යවරුන්ගේ නිල නිවස ලබාදෙන ලෙස මුසම්මිල් මහතා වයඹ පළාත් සභාවන් ඉල්ලීමක් කර ඇත.


'මාලිගාව' නමින් ප්‍රකට වයඹ පළාත් සභා ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ඉපැරැණි දෙමහල් ගොඩනැගිල්ල මෙතෙක් වයඹට පත්වූ ආණ්ඩුකාරවරුන් සියලුම දෙනා තම කාර්යාලය ලෙස භාවිත කළද ආණ්ඩුකාර කාර්යාල භූමියේ
කොටසක බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් පිහිටා තිබීම සහ ඒ ආසන්නයේම දළදා වහන්සේ වැඩසිටි ඉපැරැණි දළදා මාලිගාවේ නටබුන් පිහිටා තිබීමත් හේතුවෙන් මුසම්මිල් මහතා පැරැණි ආණ්ඩුකාර කාර්යාලය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

වයඹ පළාත් සභාවේ සහ වයඹ ආණ්ඩුකාර කාර්යාලයේ සියලුම සුබ කටයුතු ආරම්භ කෙරෙන්නේ මෙම අයිතිහාසික බෝධින් වහස්ට පුද පූජා පැවැත්වීමෙනුයි.

එසේම මෙතෙක් වයඹට පත්වූ  සෑම ආණ්ඩුකාරවරයෙකුම භාවිතා කළ කුරුණෑගල වැව රවුමේ පිහිටි මෑතකදී නවීකරණය කරන ලද අලංකාර ආණ්ඩුකාර නිල නිවසද භාවිතයට ගැනීම නව ආණ්ඩුකාරවරයා ප්‍රතික්ෂේප කිරීමද ගැටලුවක්වී ඇති බවද වයඹ පළාත් සභාවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

වයඹ ආණ්ඩුකාර කාර්යාලය භාවිතා කිරීම

 ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එහි ඇති සියලුම කාර්යාලයීය උපකරණ කුරුණෑගල වැව රවුම් පිහිටි ප්‍රධාන ඇමති නිල නිවසට රැගෙන යාමට සිදුවීමෙන් ආණ්ඩුකාර කාර්යාලයේ කාර්යමණ්ඩලයද බරපතළ අසීරුතාවකට මුහුණ පා සිටිති.
මුසම්මිල් මහතා වයඹ ආණ්ඩුකාර

ධුරයේ දිවුරුම් දීම අද (02දා) පෙරවරු 9.00 ට සිදු කිරීමට නියමිත අතර එම කෙටි කාලය තුළ වයඹ ප්‍රධාන අමාත්‍ය නිල නිවස ආණ්ඩුකාර කාර්යාලයක් බවට සුදානම් කිරීමට සිදුවීමන් ආණ්ඩුකාර කාර්යාලයේ කාර්යමණ්ඩලයද බලවත් අසීරුතාවකට මුහුණ පා සිටින බවද එම නිලධාරියා පැවසීය.

මෙම ආණ්ඩුකාර තනතුරු ප්‍රදානය කර තිබෙන්නේ මීළඟ මහ මැතිවරණය තෙක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබියදී මාස තුනක් වැනි කෙටි කාලයකට මේ ආකාරයට වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය ස්ථාන මාරුවකට ලක් කිරීම නිකරුනේ සිදු කරන විශාල මුදල් නාස්තියක් සහ ආණ්ඩුකාර කාර්යමණ්ඩලය වෙහෙසට පත්කිරීමක් වන බවද වයඹ පළාත් සභාවේ උසස් නිලධාරියා පෙන්වා දුන්නේය.

ඉස්ලාම් භක්තිකයියෙකු වන මුසම්මිල් මහතාගේ පත් කිරීම සම්බන්ධයෙන් වයඹ පළාතේ තික්ෂූන් වහන්ස්ලාද දැඩි විරෝධයක් පළ කර සිටින අවස්ථාවක මෙසේ කාර්යාලය මාරුකිරීමද තවත් ගැටලුවකට මුහුණ පාන සිදුවීමක් විය හැකි බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ගීතාංජලී ප්‍රියදර්ශනී

No comments:

Post a Comment

Post Bottom Ad