සහල් මෝල් මාෆියාවට එරෙහිව ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි - පුබුදු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 31, 2019

සහල් මෝල් මාෆියාවට එරෙහිව ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි - පුබුදු

සහල් මෝල් මාෆියාවට එරෙහිව ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි - පුබුදු

සහල් මාෆියාව නතර කිරීමට නම් ආණ්ඩුව කළ යුත්තේ පෙර පැවති ගැසට් නිවේදනයට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව බලයට ඒමට පසුගිය ආණ්ඩුව හමුව ජනතාව මුහුණ දී තිබු ජීවන තත්ත්වය ප්‍රධාන සාධකයක් වු බවයි.

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් බවට ජනතාවට සහන ලබා දීම පත්ව තිබු බවත් ඒ මහතා පැවසීය.

එසේ වුවත් එවැනි දෙයක් මෙතෙක් සිදු වී නොමැති බවත් කියා සිටි ජාගොඩ මහතා, බදු සහන සුළු වශයෙන් ලබා දුන් නමුත් ඒවාද ස්ථිර නොමැති බවත් කියා සිටියේය.

අද වන විට සහල් හා එළවළු මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද පැවසු ඒ මහතා, පසුගිය කාලයේ හාල් කිලෝවක් රුපියල් 102 ක් වැනි අගයකට අලෙවි වු බවත් පැවසීය.

මේ වන විට එය රුපියල් 98 ක් යනුවෙන් ගැසට් කර ඇතැයි ද පැවසු ඒ මහතා, මීට පෙර සහල්වල උපරිම සහල් මිල රුපියල් 85 ක් යනුවෙන් ගැසට් කර තිබු බවත් කියා සිටියේය.

එසේ තිබිය දී මෙලෙස වැඩි ගාණට සහල් අලෙවි කළ බවත් කියා සිටි ඒ මහතා, රජයට කළ යුතුව තිබුණේ සහල් මාෆියාවට එරෙහිව නැගී සිටිම වන බවත් පැවසීය.

සහල්වලට තිබු උපරිම සිල්ලර මිල රුපියල් 85 ක්‍රියාවට නැංවීමට රජයට ක්‍රියා කළ හැකිව තිබුණත් ඔවුන් නව මිලක් ගෙනැවිත් එය ගැසට් කිරීම බවත් සඳහන් කළේය.

මෙය සහල් මෝල් ඒකාධිකාරියට පහසුකම් සැලසීමට මෙවැනි දෙයක් කළා මිසක් මෙයින් කිසිවිටෙකත් ජනතාවට සහනයක් නොලැබෙන බවත් ජාගොඩ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad