පළමු පියවර වැරදුණොත් දෙවෙනි පියවරයට යන එකේ වරදක් නැහැ - තිස්ස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 31, 2019

පළමු පියවර වැරදුණොත් දෙවෙනි පියවරයට යන එකේ වරදක් නැහැ - තිස්ස

පළමු පියවර වැරදුණොත් දෙවෙනි පියවරයට යන එකේ වරදක් නැහැ - තිස්ස

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා වෙනත් බාහිර පාර්ශවයක මැදිහත්වීම අවශ්‍ය නොවන අතර රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා මුහුණට මුහුණ හිඳ එය විසඳා ගත යුතු බව එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මහතා පැවසුවේය.

ඊයේ (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අත්තනායක මහතා මේ බව සඳහන් කළේය.  

මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මැතිවරණය වෙනුවෙන් ඇත්තේ කෙටි කාලයක් වන බව රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම දැන සිටිය යුතු බවයි ඔහු කියාසිටියේ. 

ඇතැමුන් පවසන පරිදි වෙනම කණ්ඩායමක් ලෙස මැතිවරණයට යාම නොව මුල් අදියරේ සියලු දෙනාම එකට සිටීමට මැදිහත් විය යුතු බව හෙතෙම අවධාරණය කළේය. 

එය ඉටු නොවන්නේ නම් දෙවෙනි පියවරකට යාමේ වරදක් නොමැති බවද තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad