අලුත් ජනපතිත් ජිනීවා දංගෙඩියට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 3, 2019

අලුත් ජනපතිත් ජිනීවා දංගෙඩියට..?

ඉදිරි ජනාධිපතිවරණයෙන් කවර ජනාධිපති අපේක්ෂකයා ජය ගත්තද ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සලකා බැලෙනු ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.



එහිදී මෙරට හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම ගැන බටහිර රටවල් තදින් ප්‍රශ්න කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

එහෙත් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් වන ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් කල් තබාම ප්‍රකාශ කළේ මෙම පත්වීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන තීන්දුවක් නිසා එය වෙනස් කිරීමේ සූදානමක් නැති බවයි. එහෙත් බටහිර රටවල් ගණනාවක් එය දුරදිග ගෙන යාමේ සූදානමක් ඇතැයි දැනගන්නට තිබේ.

ඒ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා තානාපති ප්‍රජාවට ප්‍රකාශ කළේ ජිනීවා යෝජනාව නැවත සලකා බැලිය යුතු වගයි.

– deshaya

No comments:

Post a Comment

Post Bottom Ad