ගෝඨාභයගේ ප‍්‍රකාශයට අගරදගුරු ප‍්‍රතිචාර දක්වයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 27, 2019

ගෝඨාභයගේ ප‍්‍රකාශයට අගරදගුරු ප‍්‍රතිචාර දක්වයි !

කිසිදු දිනක තමන් යම් පක්ෂයට පක්ෂපාතීව කථා සිදු නොකර බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

අද(27) උදෑසන ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපති කාදිනල්වරයා සමඟ දළදා මාළිගාවේ සංචාරයකට එක් වෙමින් උන් වහන්සේ මෙම අදහස් පළ කළේය.

ජනාතාව විසින් වින්ශ්චයක් ලබා දීමට දැන ගත යුතු බවත් පැවසු උන්වහන්සේ මෙම පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වු ජනතාවගේ හදවත් සැනසීම සඳහා ඔවුන්ට සත්‍ය හෙළි කිරීම අපගේ වගකීමක් බවත් පැවසීය.

මෙම ප්‍රහාරය පිටුපස ඇති විවිධ ක්‍රමන්ත්‍රයන් ගැන ඇති ආරංචි සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සිදු කරන තෙක් සැනසීමෙන් සිටිය නොහැකි බවද කාදිනල් හිමියන් මෙහිදී කියා සිටියේය.

බොහෝ අය එක එක දේවල් සිදු කරන බවට පැවසුවත් බලයේ සිටිය අය, මේ ගැන යම් පරීක්ෂණයක් සිදු කළ යුතුව ඇතැයි ද පැවසු කාදිනල් හිමිපාණන්, ඡන්දයට පෙර සියලු දෙනාගේ අවධානය බලය ලබා ගැනීම වෙනුවෙන් ගොස් ඇතැයි ද පැවසීය.

කළ යුතුව ඇත්තේ එය නොවන බවත් පැවසු කාදිනල් හිමියන්, මිනිසුන්ට සිදුවු ව්‍යසනය සම්බන්ධයෙන් ඔවුන්ගේ හදවත්වල ඇති වේදනාව තුනී කිරීමට බලයේ ඉන්න අයත් යම් දෙයක් කළ යුතුව ඇති බවත්, විරුද්ධ පක්ෂයේ අය යම් වචනයක් පැවසු පමණින් එය ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කළේය.

ඡන්දෙට පෙර මේ ගැන යම් දෙයක් සිදු විය යුතු බව ද සඳහන් කළ කාදිනල් හිමියන්, බලයේ ඉන්න අය නිහඬතාවයක් රකිමින් සිටින අතර, ජනාධිපතිවරයාගෙන් පවා මේ ගැන සුබදායි ප්‍රතිචාරයක් නොලැබුණ බවද කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන බව සඳහන් කිරීම ගැන මෙහිදී කාදිනල් හිමිගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එවිට උන්වහන්සේ පවසා සිටියේ, ඔහුට මේ වන විට බලයක් නොමැති බැවින් අද බලයේ ඉන්න පුද්ගලයින් යම් සාධාරණයක් ඉටු විය යුතු බවයි.

ජනාධිපති පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව ජනතාව අතරට පත් නොවු බවත්, ඉතිහාසය පුරා සිදුවු ඝාතන සම්බන්ධයෙන් ද වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බව ද පැවසීය.

ස්වාධීන මණ්ඩලයක් මඟින් තීරණයක් ගත හැකි කොමිෂන් සභාවක් පත් කරන ලෙස ද කාදිනල් හිමියන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

– adaderana


No comments:

Post a Comment

Post Bottom Ad