සජිත් 23 දා අගමැති ලෙස දිවුරයි? : අජිත්ගේ සූත්‍රයෙන් රහස් හෙළිවෙයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 21, 2019

සජිත් 23 දා අගමැති ලෙස දිවුරයි? : අජිත්ගේ සූත්‍රයෙන් රහස් හෙළිවෙයි !

බන 23 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධූරයේ දිවුරුම්දීමට සූදානම් වන බවට රාවයක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරගොස් තිබේ.

ඊට හේතුවී ඇත්තේ සජිත් පාර්ශවයේ ප්‍රකාශක අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පලකර ඇති සටහනකි. එය පහත දැක්වේ.





මේ සටහනෙන් කියවෙන්නේ අවසන් වරට එජාපය ආණ්ඩුව පිහිටුවන ලද අවස්ථාවේ (යහපාලන ආණ්ඩුව බිඳවැටීමෙන් පසුව) ආණ්ඩුපක්ෂයට සහය පල කිරීම සඳහා මන්ත්‍රීවරුන් 123ක් සිටි බවත්, මේවන විට ඉන් 97 දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදෙන බවයි.

ප්‍රතිශතයක් ලෙස එය 78.86% ක් බව ඉන් හෙළිකර ඇත.

අජිත්ගේ සූත්‍රයට හරීන්ද්‍රගෙන් පැහැදිළි කිරීමක්

දේශපාලන විචාරකයකු වන හරීන්ද්‍ර බී. දිසානායක මහතා ට්විටර් පනිවුඩයක් නික්තු කරමින් ද මේ සූත්‍රය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

එහි මෙලෙස දැක්වේ..(සරල සිංහල අර්ථය)

"ජාතික ආණ්ඩුව විසුරුවා හැරීමෙන් පසු, ආණ්ඩුවට වැඩිම ඡන්ද සංඛ්‍යාව 123 ක් විය. පාලක පක්ෂයේ 62 (අඩකට වඩා) සහාය දෙන ඕනෑම අයෙකු ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට පත් කරනු ලැබුවහොත්, නව අගමැති නෙරපා හැරීම සඳහා ඡන්ද 113 ක් අවශ්‍යය. උදා: එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව”




ජනපතිට තවත් අවස්ථාවක්

මේ අතුන ජනපතිවරයාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට තවත් අවස්ථාවක් ලැබී ඇති බව දේශපාලන විචාරක මතය වී තිබේ.

මීට පෙර අවස්ථා දෙකකදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිධූරය ලබාදීමට එකඟවී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, එම අවස්ථා දෙකේදීම එය ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

ජනපති අපේක්ෂකයා තෝරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියාවසම් මහතා කියා සිටින්නේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගනු ලබන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මිස ඡන්ද විමසීමක් මගින් නොවන බවයි.

පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ මධ්‍යම කාරක සභාව අතර සාකච්ඡාවලින් අනතුරුව අපේක්ෂකයා ලබන මස වන විට තෝරා ගනු ඇති බව කාරියාවසම් ටයිම්ස් ඔන්ලයින් වෙත පවසා තිබිණි.

“ඡන්ද විමසීමෙන් ජනාධිපති අපේක්ෂකයෙකු තෝරා ගැනීමට පක්ෂ ව්‍යවස්ථාවේ විධිවිධාන නොමැත” යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර, “අපේ අපේක්ෂකයා නුදුරු අනාගතයේදී රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගේම සහාය ඇතිව නම් කිරීමට අපි බලාපොරොත්තු වෙමු,” යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා මාධ්‍ය හමුවකදී ඊයේ පවසා තිබිණි.

කෙසේවුවද, ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නම්කර ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම වහාම රැස්කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලිපියක් ලබාදුන් බව සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය සඳහන් කළද අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවය පවසන්නේ එවැන්නක් නොලැබුණු බවයි.

මේ ලිපියේ තුනෙන් දෙකකට වැඩි බහුතරයකගේ අත්සනින් යුතු බවද සජිත් පාර්ශවය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad