එජාපය දිනවන්න පොලොවේ පස් කන ප‍්‍රබලයා රහසින් ගෝටා හමුවේ.. 06ක් සමග ජනාධිපතිවරණ පොහොට්ටු වේදිකාවට තහවුරු කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 21, 2019

එජාපය දිනවන්න පොලොවේ පස් කන ප‍්‍රබලයා රහසින් ගෝටා හමුවේ.. 06ක් සමග ජනාධිපතිවරණ පොහොට්ටු වේදිකාවට තහවුරු කරයි..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට ආසන්නම දිනකදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රබලතම පුද්ගලයෙකු පැමිණ තිබේ.

ඔවුන් සාකච්ඡා කළේ කුමන කරුණක් සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු වාර්තා නොවෙයි.

කොළඹ නගරය ආසන්න ස්ථානයක පැවති මෙම හමුව සිදුව ඇත්තේ අතිශය රහසිගතවයි.

කෙසේ වෙතත් පොහොට්ටුවේ ආරංචි මාර්ග කියා සිටින්්නේ ඉදිරි ජනාධිපතිවරණ වේදිකාවකදී එකී ප‍්‍රබලයා ඇතුළු තවත් 6 දෙනෙකු පමණ පිරිසක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරමින් වෙනම කණ්ඩායමක් ලෙස එක්වීමට සූදානම් බවයි.

මීට පෙරද මෙම ප‍්‍රබලයා හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර තිබිණි.

එදින මහනිද් රාජපක්‍ෂ මහතා මුණ ගැසීමට ඔහු කොළඹ විශේෂ ස්ථානයකට රාත‍්‍රි කාලයේ පැමිණ තිබුණේ කිසිදු ආරක්ෂකයෙකු හෝ රියදුරෙකු නොමැතිවයි.

මෙම ප‍්‍රබලයා මේ දිනවල එජාපයේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්වය මැද එක් පාර්ශවයක් වෙනුවෙන් ප‍්‍රබලව පෙනී සිටින්නෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad