ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් දිගින් දිගටම අසාර්ථක වීම මේ වනවිට ක්‍රිකට් රසිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ. කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් කොතරම් අසාර්ථක වූවද ඔහුට කණ්ඩායමේ දිගින් දිගටම අවස්තාව හිමි වන බවත්, ඒ සදහා ප්‍රධාන හේතුව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ඉල්ලීම් බවටද චෝදනාවක් එල්ල වෙමින් තිබේ.
තරග පරාජය වීම සෑම ක්‍රීඩකයෙකුටම පීඩනයක් බවත්, එවැනි මොහොතක ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලැබූ ජය කණ්ඩායමට ඉතා අත්‍යවශ්‍යව තිබූ ජයග්‍රහණයක් බවත් ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර 04 වනදා පැවති තරගයෙන් පසු මාධ්‍ය සාකච්ජාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු…
”මම හිතන්නේ සමාජ ජාලා තුළින් කුසල්ව විවේචනය කරන දේවල් නොකරනවා නම් හොඳයි. ඒක ඔහුගේ මානසිකත්වයට ගොඩක් බලපානවා. නමුත් මම හිතන්නේ නෑ ඔහු ඕවා කියවනවා ඇති කියලා. අපි පුහුණුවීම් කරන විදියටම එයත් පුහුණුවීම් ගොඩක් හොඳට කරනවා. කණ්ඩායමේ සියලු දෙනාමත් කැපකිරීම් කරලා හොඳින් පුහුනුවෙනවා. දකුණු අප්‍රිකාවේ වැඩිම ලකුණු ගැහුවෙත් එයා. කුසල් හොඳ ක්‍රීඩකයෙක්. එක ආරම්භයක් ලැබුණොත් මෙම ලෝක කුසලාන තරඟාවලියෙදී කුසල්ගේ දක්ෂතා දැකගන්න ලැබේවි.” යනුවෙන් ද සඳහන් කර සිටියා.
No comments:
Post a Comment