"රතන හාමුදුරුවන්ගේ උපවාසය නිසා ඇත්ත ප්‍රශ්නය යට ගියා" - ඥානසාර හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 5, 2019

"රතන හාමුදුරුවන්ගේ උපවාසය නිසා ඇත්ත ප්‍රශ්නය යට ගියා" - ඥානසාර හිමි

බිහිසුණු අන්තවාදයට එරෙහි සටන මහා සංඝරත්නය අතට ගෙන අවසන් බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කියා සිටිති.

එනිසා දේශපාලඥයන් වහා එම සටනින් පැත්තකට වී සිටින ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

බොදු බල සේනා මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඥානසාර හිමියන් මේ බව කියා සිටියහ.

ජාතික න්‍යාය පත්‍රයකට වඩා යොමු කළ යුතුව ඇති මොහොතක බංකොලොත් වූ ඇතැම් පක්ෂ දේශපාලඥයන් විසින් තමන්ගේ පැවැත්ම සකස් කර ගැනීම සඳහා පුද්ගලික න්‍යායපත්‍ර කරළියට ගෙනැවිත් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ මාරාන්තික උපවාසය ගැන ද විවේචනාත්මකව අදහස් පලකල ඥනසාර හිමියන් කියා සිටියේ කිසිම සංවාදයක් සාකච්ඡාවක් නොමැතිව හිස් පංචස්කන්ධ තුනකට එරෙහිව රතන හිමියන් උපවාසයකට වාඩි වූ බව බවයි.

එම උපවාසය සිදු කිරීමට තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සතියකට පමණ පසුව බව ද කී උන්වහන්සේ මෙමගින් සිද්ධ වුණේ සමස්ථ මුස්ලීම් සමාජයම අන්තවාදීන් අතට පත්වීම බවද සඳහන් කළහ.

මෙවන් කටයුතු නිසා සිදුවන්නේ සාමාන්‍ය අහිංසක මුස්ලිම් ජනතාව අන්තවාදය දෙසට තල්ලු වී යාම යයිද උන් වහන්සේ සදහන් කලහ.

ඉදිරියේදී මහා සිංහල මුස්ලිම් කෝලහලය මෙරට තුළ නිර්මාණය වීම ස්ථිර බව ද තමන් වහන්සේ විසින් අද කිවූ බව මතක තබා ගන්නා ලෙස ද ඥානසාර හිමියෝ අවධාරණය කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad