මධුෂ් අමල් හා නදීමාල් තිදෙනාම තවත් මාසයක් රිමාන්ඩ් කරන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 27, 2019

මධුෂ් අමල් හා නදීමාල් තිදෙනාම තවත් මාසයක් රිමාන්ඩ් කරන ලකුණු

ඩුබායිහිදී පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට පත් වූ ගායන ශිල්පි අමල් පෙරේරා, ඔහුගේ පුත්
ගායක නදීමාල් පෙරේරා යන දෙදෙනා හට තවත් මාසයක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදු විය හැකි බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා  පැවැසීය.

මීට අදාළව විමර්ශන කටයුතු අවසන් නොවීම මත මෙලෙස තවත් මසක පමණ
කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.හෙට (28දා) දින මේ දෙදෙනා එරට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද එහිදී රඳවා තබා ගැනීමේ කාලය තවත් මාසයකින් දීර්ඝ කරනු ඇතැයි ද නීතිඥවරයා කියා සිටී.

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් නැවත තමා ඔවුන්ගේ නිවැසියන්ගේ ලිඛිත දැනුම් දීමකට අනුව ලබන 02 වැනි දින ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යෑමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම පැවැසීය. එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසනුයේ මාකඳුරේ මධුෂ් ඇතුළු ඔහු සමඟ අත්අඩංගුවට ගත් 31 දෙනාම මෙලෙස තවත් මසක පමණ කාලයක් රඳවා තබනු ඇති බවටය.

-චාමර අමරසූරිය-

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *