සැමියා පොලිස් අත්අඩංගුවේ ඉද්දී බිරියව අරන් ගිහින් අතවර කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 26, 2019

සැමියා පොලිස් අත්අඩංගුවේ ඉද්දී බිරියව අරන් ගිහින් අතවර කරලා

සැමියා පොලිස් අත්අඩංගුවට පත්වී සිටි අවස්ථාවේ බිරිය පැහැරගෙන ගොස් අතවර කළ බව කියන ත්‍රිරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලය පොලීසිය පරීක්ෂණ කරයි. දහඅට හැවිරිදි තරුණ
කාන්තාවක් මිහින්තලය පොලිස් ස්ථානයට ඉදිරිපත් පත් කළ පැමිණිල්ලකට අනුව සැකකාර ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ කරන අතර ඔහු තිරප්පනය පොලිස් වසමේ ඉරහඳකෙටුවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව තහවුරු කරගෙන තිබේ. පැමිණිලිකාරියගේ සැමියා මිත්තණියට හා සීයාට පහරදීම නිසා පොලිස් අත්අඩංගුවට පත් වී සිටි අවස්ථාවේ ඇය ඔවුන්ගේ නිවෙසට ගොස් නැවත්ත වෙල්ලාරගම පිහිටි නිවෙසට සැකකරුගේ ත්‍රිරෝද රථයෙන් ගමන් කරද්දී අතවරයට පත් වී තිබෙන බව පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.

පොලිස් අත්අඩංගුවට පත් වී සිටි තරුණයාට ඇප ලබාදීම සඳහා ඉදිරීපත් වන ලෙස සීයාට හා මිත්තණියට පැවැසු අවස්ථාවේ ඔවුන් එය ප්‍රතික්ෂේප කළ නිසා තරුණිය රාත්‍රියේ නිවසින් පිටවී ඇගේ නිවසට පැමිණ ඇති බව පොලිසිය කීවේය.ඇය සැකකරුගේ ත්‍රිරෝද රථයෙන් නිවසට පැමිණ ඇති බවත් ඔහු ඇය නිවසට නොඇරලවමින් වෙල්ලාරාගම ප්‍රදේශයේ පාළු නිවෙසකට රැගෙන ගොස් අතවර කළ බවට දින කිහිපයකට පසුව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බවත් පොලිසිය පැවසුවේය.

පැමිණිලිකාරියගේ සැමියා ඇප ලබාගැනීමෙන් අනතුරුව නිවසට පැමිණ සිටි අවස්ථාවේ බිරියගේ ජංගම දුරකථනයට නාදුනන ඇමතුමක් ලැබී ඇත. එම ඇමතුම සැකකරුගේ බව තහවුරු කරගත් තරුණිය දින කිහිපයකට ඉහතදී සිදුවීම පිළිබඳව සැමියාට පැවැසීමෙන් පසු පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස සැමියා උපදෙස් දී ඇති බව පොලිසිය කියයි. ලැබුණු පැමිණිලි මත සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ වී ඇත. සැකකරු  සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටින බවත් පොලිසිය තහවුරු කරගෙන තිබේ. තරුණ කාන්තාවගේ සැක සහිත පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කෙරෙන බව පොලිසිය පවසයි.


-මහේෂ් විජේසුරිය-

No comments:

Post a Comment

Post Bottom Ad