ටාන්යා - ෂෙරමි සමාජ මාධ්‍ය ගැටුම ගැන ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 7, 2019

ටාන්යා - ෂෙරමි සමාජ මාධ්‍ය ගැටුම ගැන ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක ලසිත් මාලිංග හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා යන දෙදෙනාගේ බිරියන් වන ටාන්යා හා ෂෙරමි තම ස්වාමි පුරුෂයින් මුල් කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ 
ගැටුම්කාරීත්වය
ගැන පරීක්ෂණයක් සිදු කරන්නට යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි අනාවරණය කරයි.
මෙම ගැටුම මුලින්ම පැනනැග තිබුනේ මාලිංගගේ බිරිය ටාන්යා පළ කළ ෆේස් බුක් පෝස්ටුවක් නිසාය.සිය ස්ථානය පවත්වා යාම පිණිස හොර පාරෙන් තිසර පෙරේරා ක්‍රීඩා ඇමතිවරයා මුණ ගැසෙන්න ගියා යයි ඇය උසුළු විසුළු කර තිබු අතර එයට තිසරගේ බිරිය ෂෙරමි ප්‍රතිචාර දක්වා තිබුණි. පසුව තිසර පෙරේරාද මේ ගැන ප්‍රකාශයක් කළ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටින අතරවාරයේ කන්ඩායමේ අයගේ මානසික තත්වය අවුල් කිරීමට මෙම සිද්ධිය හේතුවූ බව ආයතනය විශ්වාස කරන බැවින් මෙම පරීක්ෂණය අරඹා ඇත.
මෙම කලබලය මැද තිසර පෙරේරා පසුගිය තරගයේදී ලකුනු 140 ක අගනා ඉදනිමක්ද ක්‍රීඩා කළ අතර එය පලිගැනීමක් ලෙස සමාජ මාධ්‍ය හඳුන්වා දී තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad