නයිනමඩමේ කාර් මාලු ලොරි අනතුරින් 6 දෙනෙක් මියයති - වාහනයේ පිස්තෝලයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 20, 2019

නයිනමඩමේ කාර් මාලු ලොරි අනතුරින් 6 දෙනෙක් මියයති - වාහනයේ පිස්තෝලයක්

https://www.gossiplankanews.com/2019/01/6-killed-in-naynamadama-accident.html
ද(20) අළුයම 3.15ට පමණ කොළඹ හලාවත මාර්ගයේ වෙන්නප්පුව , නයිනමඩම පාලම අසලදී හලාවත දෙසට ධාවනය වූ කාර් රථයක් ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ මාළු ලොරියක පිටුපස ගැටී අනතුරක් සිදුවූ අතර අනතුරින් කාර් රථයේ රියදුරු ඇතුළු ගමන්කළ පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු
බරපතල තුවාල ලබා මීගමුව සහ මාරවිල රෝහල් වෙත ඇතුලත් කිරීමෙන් පසු 06 දෙනෙකු මියගොස් තිබේ.

තුවාලකරුවන් දෙදෙනෙකු මීගමුව රෝහලේ සහ එක් අයකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.
මෘත ශරීර 04ක් මාරවිල රෝහලේද 02ක් මීගමුව රෝහලේද තැන්පත් කර තිබේ.
 අනතුරට ලක්වූ මෝටර් රථය කවර කාරනාවක් නිසා මේ ආකාරයට ගමන් කලේද යන්න ගැන ගැටලු සහගත තත්වයක් මේවනවිට පැනනැගී ඇති අතර වාහනය තුළ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් පොලිසිය විසින් සොයාගෙන තිබීම නිසා මේ ගැන සැකයක් ඇතිව තිබේ.
එම රිය අනතුරින් මියගිය පුද්ගලයන් 6දෙනා වෙන්නප්පුව ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් බවද හෙලිව ඇත. දිවි බේරාගත් අය පොලිසියට පවසා ඇත්තේ මංගල උත්සවයකට සහභාගී වී නැවත එමින් සිටියදී අනතුර සිදුවූ බවයි.
මෝටර් රථයේ ගමන් ගත් පිරිස බීමතින් සිට ඇති බවටද පොලිසියට කරනු අනාවරණයවී තිබේ.
රථවාහන අනතුරු ක්‍රමවේදය ප්‍රකාරව අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර වෙන්නප්පුව පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන මෙහෙයවයි.








Pix By -Chandana Fernando- courtesy-lankadeepa.lk

No comments:

Post a Comment

Post Bottom Ad