රූමත් අකවුන්ටන්ට්වරිය සමග හාදවී ලක්ෂ ගණන් මුදල් ගැරූ නිවේදකයා අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 28, 2018

රූමත් අකවුන්ටන්ට්වරිය සමග හාදවී ලක්ෂ ගණන් මුදල් ගැරූ නිවේදකයා අත්අඩංගුවට

කැනඩාවේ ගණකාධිකාරිවරියක් ලෙස රැකියාව කරන රූමත් කාත්තාවක් හා සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් ඇයගෙන් වරින් වර ලක්ෂ 18කට අධික මුදලක් ලබාගත් බව කියන විද්‍යුත් නාළිකාවක නිවේදකයකු
සම්බන්ධතාව කැඩී යාමෙන් පසු එම මුදල් ආපසු දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු ඊයේ (27) අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.

තමාගේ ඡායාරූප නිරුවත් ඡායාරූප ලෙස සකසා අනර්ජාලයට මුදාහරින බවට ඔහු තමාට නර්ජනය කරන බව ද ගණකාධිකාරිනිය පැමිණිල්ලක් කරමින් සඳහන් කර
ඇතැයි පොලිසිය කියයි.

තමාගේ මුදල් ආපසු ඉල්ලා සිටින විට මෙසේ තර්ජනය කරමින් ඔහු මුදල් නොගෙවා මගහැර සිටින බව ද ඇය සඳහන් කර ඇතැයි කියති.

ගනකාධිකාරිවරිය හා නිවේදකයා අතර මීට වසර 4කට පමණ ඉහතදී සම්බන්ධයක් ගොඩනැගී ඇත්තේ මුහුණු පොත ඔස්සේ දැන හදුනා ගැනීමෙන් බව ද පොලිසිය කියයි.

තිස් හත් හැවිරිදි ගණකාධිකාරීවරිය පළමු විවාහයෙන් දික්කසාද වී සිටින එක් දරු මවක වන අතර, නිවේදකයා ද තිස් පස් වන වියේ පසුවන විවාහකයකු බව පොලිසිය කියයි.

වසර හතරක් පුරා වරින් වර ගණකාරීවරියගෙන් නිවේදකයා රුපියල් ලක්ෂ දහ අටක මුදලක් ඉල්ලාගෙන තිබූ බව ද ගණකාධිකාරිවරිය පොලිසියට ප්‍රකාශ කර ඇත.

කොට්ටාව ප්‍රදේශයේ උසස් පවුලක කාන්තාවක වූ ගණකාධිකාරිවරිය ඇය හා නිවේදකයා අතර පවතින සබඳනාව් පවුලේ අයට දැනුම් දීමෙන් පසු ඔවුන් නිවේදකයා පිළිබඳ සොයා බලා ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසිය.  සිය මවුපියන්ගේ හා සහෝදර සහෝදරයන් නිවේදකයා හා පවතින සබඳතාවට අකැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු ගනකාධිකාරිවරිය ඒ බව නිවේදකයාට දන්වා තිබේ.

 පසුව වසර හතරක් පුරා වරින් වර ලබා දුන් රුපියල් ලක්ෂ දහ අටක මුදල ඉල්ලා සිටීමේදී එය ලබාදීම ප්‍රතිකේෂ්ප කල සැකකාර නිවේදකයා ඔහු සතුව තිබෙන ඇයගේ ඡායාරූප නිරුවත් ඡායාරූප හා බද්ධ කර අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කළ බව ගණකාධිකාරීවරිය පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

කැනඩාවේ සිට ඉකුන් 16 වැනි දින මෙරටට පැමිණ ඇති ගණකාධිකාරිවරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර නිවේදකයාට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අවස්ථා දෙකකදී දැනුම් දුන්න ද ඔහු එය මගහැරට සිටි හෙයින්, ඊයේ (27) ඔහු සිටි නිවස වෙත  පොලිස් කණ්ඩායමක් නිවේදකයා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු ඊයේ (27) හොරණ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

- බිමල් ශ්‍යමන් -

No comments:

Post a Comment

Post Bottom Ad