7 වනදා පරාජයට පෙර ජනපති ගැසට්ටුව ඉල්ලා අස්කරගන්නා සූදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 1, 2018

7 වනදා පරාජයට පෙර ජනපති ගැසට්ටුව ඉල්ලා අස්කරගන්නා සූදානමක්

https://www.gossiplankanews.com/2018/12/sirisena-looking-for-dignified-exit-amid-parliament-crisis.html
පාර්ලිමේන්තුව විසුරුවා හැරිම හා මහමැතිවරණයක් කැඳවීම සම්බන්ධ විවාදයට තුඩුදුන් ගැසට් පත්‍රය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ අවසන් තීන්දුව ලබාදෙන ලබන 7 වනදාට පෙර ජනපතිවරයා එය ඉවත් කරගන්නා බවට දැන් තහවුරු කළ ආරංචි
ලැබී තිබේ.
ද්‍රවිඩ ජාතික සන්ධානය සමග ජනපති සිකුරාදා පැවැත්වූ සාකච්ඡාව තුළදී මේ ගැන ඉඟි සපයා තිබෙන අතර ජනපතිවරයාට සමීප ආරංචි මගින්ද මේ බව තහවුරුවී ඇත.

අද (1) පළවූ රොයිටර් පුවත් , ඉන්දියාවේ එන්ඩීටීවී පුවත් ඇතුළු මාධ්‍ය මගින්ද මෙය තහවුරු කර තිබේ.
තිදෙනෙකු සම්බන්ධ කරගත් විනිසුරු මඩුල්ලක් යටතේ පසුගියදා විභාගයට භාජනය වූ පාර්ලිමේන්තුව විසුරුවීම ගැන

ජනපතිගේ ගැසට් නිවේදනය
ජනපති ව්‍යවස්වස්ථාව උල්ලංඝනය කරන හැසිරීමක් බවට චෝදනා නැගෙන්නක් වූ අතර එය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිගැනුනොත් සිය ධූර කාලයෙන් වසරකට පෙර මෛත්‍රී ජනපතිවරයාට සමුගන්නට සිදුවන අවදානමක් තිබේ.
සෑම ජනපතිවරයෙකුම ව්‍යවස්ථාව ප්‍රකාරව කටයුතු කරන දිවුරුමක් සමග වැඩ අරඹන අතර එය උල්ලංඝනයක් තනතුරු අහිමිකරවීමකට හේතුවන්නකි.

මහින්ද අගමැතිවරයා ලෙස පත්කර පසුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර බහුතරය සකසා ගන්නට මහින්දට කාලයක් ලබාදුන්නත්  මහින්ද වෙනුවෙන් බැසිල් එස්බී ඇතුළු කන්ඩායමට එය කරගන්නට බැරි තත්වයක් ඇති වූ අවසථාවේ පෙනෙන පරාජය භාරගන්නවාට වඩා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කැඳවීමට ජනපති කටයුතු කළේය. නමුත් 19 වන සංශෝධනය අනුව එවැන්නක් කළ නොහැකි බව නීතීඥයින් පෙන්වාදී තිබුණි.

ඒ අනුව දින 3 ක් තුළ මෙම තීන්දුවට එරෙහි පෙත්සම් විසි ගණනකින් ශ්‍රේෂ්ඨාධිකරණය පිරිණි. සියලුම ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ මෙන්ම මැතිවරණ කොමිසන් සභාවේ ප්‍රධාන සමාජිකයෙකුද මෙයට පෙත්සම් යොමු කර තිබුණි. එය විමසූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් පාර්ලිමේන්තුව

විසුරුවන තීන්දුවට තාවකාලික වාරණයක් යොමු කර 7 වනදා අවසන් තීන්දුව දෙන බව දන්වන ලදි.
දුරදිග නොබලා  මුල් තීරණ හරිගස්සන්න ලබාගත් දෙවන තීරණය නිසා ජනපතිවරයා සිය තනතුර අහිමිවීමේ අනපේක්ෂිත අවදානම ලබාගත්තේ එලෙසය.
මේ වැරදි තීරණ නිසාම ව්‍යවස්ථාදායකය අවුල් ජාලයක් වූ අතර ගෙවුණු දින කිහිපය තුළ පාර්ලිමේන්තුව තුළ බහුතරය පිළිබඳ ගැටලු නිසා සිදුවූ කලබගෑනි එහි අවසන් ප්‍රතිඵල විය.

ජනපතිවරයා 7 වනදාට පෙර සිය ගැසට්ටුව අවලංගු කිරීම සිදුවූවොත් ඔහුට සිය තනතුර පිළිබඳ අභියෝගයෙන් මිදෙන්නට හැකිය. කෙසේ වෙතත් මෙහිදී ඉදිරි වසර  එකහමාරට ආණ්ඩුවක් කැමත්තෙන් හෝ අකමැත්තෙන් ජනපතිට පවත්වායාමට සිදුවේ. එහිදී අගමැතිවරයා විය යුත්තේ කවුද? ඊළඟට මතුවන ගැටලුවයි. බහුතරය නැති නිසා පාර්ලිමේන්තුවට වාර්තාකිරීමට අපහසු අගමැතිවරයෙකු යටතේ වසර එකහමාරක් රජය පවත්වා යාමට නොහැකිය.
එස්බී පවසා ඇත්තේ 113 කෙසේ හෝ සකසා ගන්නා බවයි. ටීඑන්ඒ කියන්නේ එජා පෙරමුනේ නායකයකුට පමණක් සිය 14 කගේ සහය ලැබෙන බවයි.
එසේ නම් බහුතර කන්ඩායමක් හා බහුතරය කැමති නායකයෙක් ජනපති තෝරාගත යුතුය. රනිල්ට තවමත් අකමැති නම් විකල්පයකට යායුතුය. ඉදිරි දින කිහිපය තුළ එය සිදුවනු ඇත. දැනටමත් මහින්ද ඉවත්කිරීමේ යෝජනාවක් 5 වනදා ගෙනෙන ලෙසත් එයට තම අනුමැතිය ලැබෙන බවත් මෛත්‍රී ටීඑන්ඒ වෙත කියා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad