ගුරුවරියකගේ ලක්ෂ ගණනක භාණ්ඩ සොරගත් සිසුන් 4ක් අල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 28, 2018

ගුරුවරියකගේ ලක්ෂ ගණනක භාණ්ඩ සොරගත් සිසුන් 4ක් අල්ලයි


පාසල් ගුරුවරියකගේ නිවෙසකින්  රුපියල් ලක්ෂ ගණනක භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ අරියාලේ  ප්‍රදේශයේ පාසල් සිසුන් හතර දෙනකු යාපනය පොලිසිය මඟින් පෙරේදා  (26) අත්අඩංගුවට ගෙන තිබේ.  අරියාලේ පළාතේ පදිංචිව සිටින  මෙම පාසල් ගුරුවරියගේ දියණිය  ඉගෙනුම
ලබන පාසලේ මිතුරන්  හතර දෙනකු කලාන්තරයක් තිස්සේ මෙම නිවසට යෑමට ඒමට පටන් ගැනීම  නිසා ගුරුවරියගේ විශ්වාසය දිනාගෙන  ඔවුන් පවුලේ සාමාජිකයන් ලෙස කාලයක් ඇසුරු කොට තිබේ.

මෙම සිසුන් හතර දෙනා වරින් වර නිවසේ තිබූ මුදල් හා
භාණ්ඩ සොරකම් කොට ඇතත් ගුරුවරියට හා  දැරීයට ඒ පිළිබදව දැනීමක් නොමැතිව සිටියදී හදිසියේම ගුරුවරියගේ ලැප්ටෝප් පරිගණකය හා ජංගම දුරකථනයක් අතුරුදන් වී තිබේ. මේ පිළිබදව විපරම් කොට බැලීමේදී ගුරුවරියගේ බැංකු ගිණුම්වල සියලු කඩ්පත්ද අතුරුදන්ව ඇති බව පෙනී යෑමෙන් පසුව ගුරුවරිය ඒ පිළිබඳව පොලිසියට පැමිණිලී කොට තිබේ. පොලිසිය සැකපිට මෙම එක් සිසුවකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මෙම සිසුන් ගුරුවරියගෙන් මුදල් හා භාණ්ඩ විශාල ප්‍රමාණයක් වරින් වර සොරකම් කොට ඇති බවයි.

බැංකු ගිණුම්වලින් මුදල්ද ලබාගෙන ඇති අතර කාඩ්පත්වලින් යාපනය නගරයේ වෙළඳසල්වලින් මත්පැන්ද මිලට ගෙන තිබේ.  මේ සිසුන් හතර දෙනාම සියලුම දේ හොරකම් කොට ඇත්තේ මත්පැන්  පානය කිරීමට බව හෙළි වී තිබේ. යාපනය පොලිසිය සැකකරුවන් හතර දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad