ගුටි කෙළියෙන් පාර්ලිමේන්තුවට සිදුවූ අලාභය රුපියල් 260,000 - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 7, 2018

ගුටි කෙළියෙන් පාර්ලිමේන්තුවට සිදුවූ අලාභය රුපියල් 260,000


පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තුවේ දේපළවලට රුපියල් 260,000ක පමණ අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර තිබේ

මයික්‍රොෆෝනවලට සිදුව ඇති අලාභය රුපියල් 230,000 ඉක්මවන බව පාර්ලිමේන්තු පාලනාධිකාරිය කියා සිටී.
සභාගර්භය වටා ඇති කණු දෙකකට හානි සිදුව ඇති අතර ඒ සඳහා රුපියල් 30,000ක් පමණ වැය වන බවද පැවසේ.
පාර්ලිමේන්තු ඉන්ජිනේරු අංශය මගින් මෙම තක්සේරු කිරීම් සිදු කර ඇතැයි ද පාර්ලිමේන්තු පාලනාධිකාරිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත් කළහකාරී සිදුවීම් අතරතුර පොත්පත් කිහිපයකට හානි සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක ය. ඉතා වටිනා පොත් කිහිපයකට එලෙස හානි සිදුව ඇති බව
පාර්ලිමේන්තු පාලනාධිකාරිය පැවසුවේ ය.
මේ අතර පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම් පිළිබඳ විමර්ශනයට පත් කළ සය පුද්ගල කමිටුව ලබන 12 වන දා රැස්වේ.
එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ, එම හමුවේදී කළහකාරී සිදුවීම්වලට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන නැරඹීමට සැලසුම් කර ඇති බව ය.
ඉන් පසු එම සිදුවීම්වලට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කරන බව ද ඔහු පැවසුවේ ය.

කථානායක කරු ජයසූරිය මහතා පසුගිය 29 වැනිදා පත් කළ එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, චන්ද්‍රසිරි ගජධීර, රංජිත් මද්දුම බණ්ඩාර, බිමල් රත්නායක, මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් ය.

මේ සිද්ධියෙන් සිදු වූ මූල්‍යමය අලාභය රුපියල් 260000ක් පමණක් වුවද  රටේ කීර්ති නාමයට හා රටට සිදුවූ හානිය ඊට වැඩි බව කමිටුවේ වැඩිදෙනාගේ අදහසයි.

No comments:

Post a Comment

Post Bottom Ad