ශාපය සම්පුර්ණෙන්ම සිරිසේනට කියමින් කැකිරාවේදී පොල් ගහලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 6, 2018

ශාපය සම්පුර්ණෙන්ම සිරිසේනට කියමින් කැකිරාවේදී පොල් ගහලා



ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ ක්‍රියාවලියට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර තිබූ ඒරෝධතාවක් කැකිරාවේ 04 වැනිදා පැවැත්විණ. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා කැකිරාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක
චන්දිම ගමගේ මහතා එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබිණි. කැකිරාව එක්සත් ජාතික පක්ෂ කාර්යාලය අසලින් ඇරැඹි විරෝධතා ව්‍යාපාරයට එක්වූ පිරිස වීරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් කැකිරාව හින්දු කෝවිල වෙත පා ගමනින් පැමිණියේය. පසුව ඒ කනලවීවකද නිරතවූ විරෝධතාකරුවෝ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයට ශාප පතා දෙවියන් ඉදිරියේ පොල් ගැසීය.පාර්ලිමේන්තු බහුතරය පිළිබඳව අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා මෙසේ කීය.

 අපි 118ක බහුතරය පෙන්නුවට පස්සේ තවමත් පාර්ලිමේන්තුව කැදවන්නේ නැතුව උඩ බලා ගෙන ඉන්නේ මෛත්‍රාපා සිරිසේන උන්නැහෙගෙනුත් මහින්දට රාජපක්ෂ උන්නැහෙගෙනුත් රෙදි නැතුවද  කියලා මම අහනවා. දැන් බහුතරය ගැන එක එක කතන්දර කියනවා. ජනතා විමුක්ති පෙරමුණෙන් අපිට සහයෝගය දුන්නේ දෙන්නයි. ඔකොම හය දෙනෙක් ඉන්නවා. දෙමළ සංවිධානයෙන් අපිත් එක්ක එකතුවුණේ හය දෙනෙක් විතර මට මතක විදියට එතැන ඔක්කොම 16ක් ඉන්නවා. තවත් පක්ෂවලින් ටික ටික එකතු කරලා තමයි අපි මේ 118 පෙන්නුවේ.


118යි අගමැතිතුමාගේ ඡන්දය 119යි. කතානායකතුමාගේ තීරක ඡන්දයයි. 120යි. තව අපේ දෙන්නෙක් රට ගිහිල්ලා ඉන්නවා ඒ දෙන්නා ආවට පස්සේ 2යි. ඒ විදිහට අපි අද බහුතරය පෙන්වා තිබියදී රාජපක්ෂ පරම්පරාවෙන් මම අහනවා කලිසම අදින්නේ ජංගිය නැතුවද කියලා.  බහුතරය ඇත්තේ අප සමඟයි. පැහැදිලිවම කියනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මේ සටනින් අපි ජය ගන්නවා වගේම රාජපක්ෂ උන්නැහේ සදාකාලිකව දේශපාලනයෙන් සමුගන්නවා. සිරීසේන උන්නැහේත්වත් මං කියනවා ඔබතුමා අපි බලයට පත්කළේ වෙඩි දණ්ඩයට මුහුණ දීලා. හැබැයි එහෙම කළේ ඔය වැඩේ කරන්න නෙවෙයි.

ඔබතුමාගේ දේශපාලනයත් මෙතැනින් ඉවරයි කියලා මතක තියාගන්න කියලා ඔබ තුමාටත් මතක් කරනවා. අපි කනගාටු වෙනවා උතුරු මැද පළාතෙන් ජනාධිපතිවරයෙක් පත්කරලා උතුරු මැද පළාතේ පොළොවේ පයගහලා මේ  ප්‍රකාශය කරන්න සිද්දවීම ගැන. ඒ නිසා මේ ශාපය සම්පුර්ණයෙන්ම සිරීසේන උන්නැහෙ ඔහෙට වදිනවා කියලා මං කියන්න කැමැතියි. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා කැකිරාව එක්සත් ජාතික ප සංවිධායක චන්දිම ගමගේ මහතා උතුරු මැද පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි රෝහණ බණ්ඩාර, කැකිරාව හා පලාගල ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂ සභිකයන් මෙන්ම කැකිරාව එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු එම විරෝධතාවට එක්ව සිරියහ.


-ප්‍රසංග ඒකනායක-

No comments:

Post a Comment

Post Bottom Ad