රංගන හේරත්ගේ අවසන් තරඟය බලන්න ආ ඥාතීන් අපහසුතාවට ලක්කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 9, 2018

රංගන හේරත්ගේ අවසන් තරඟය බලන්න ආ ඥාතීන් අපහසුතාවට ලක්කරලා

https://www.gossiplankanews.com/2018/11/rangana-herath-galle-match.html#more
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත්ගේ අවසන් ටෙස්ට් තරගය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වේ.ඔහුට ගෞරවනීය සමුගැන්මක් ලබාදීමට විවිධ කටයතු සූදානම් කර ඇති අතර අවසන් තරගය නරඹන්නට පවුල් සාමාජිකයන්
සහ වෙනත් ආරාධිතයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් විශේෂ නැරඹූම් කුටියක් සපයා තිබෙයි.
කෙසේ වෙතත් එම කුටිය ඉතා අවම පහසුකම් සහිත එකක් බව එහි සිටින අය චෝදනා නගා ඇත.

එය මඩ වගුරක ඉදිකර ඇති අතර අක්‍රීයවූ වායුසමීකරණ පද්ධතියක් නිසා පූර්ණ ආවරණයක් සහිත එම කොටසේ ඇතුළත සිටින අයට හුස්මගැනීමට පවා අපහසු තත්වයක් උද්ගතවී තිබී ඇත.ඔවුන්ට ආහාරපාන සපයා තිබුණේද අවම පහසුකම් යටතේෙය.


එම වැරැද්ද නිවැරදි කරන ලෙස ක්‍රිකට් ආයතන බලධාරීන් දැනුවත් කරන්නට එම පිරිස කටයුතු කර ඇතත් ඊයේ (08දා) දින වනවිටත් නිවැරදි කර තිබෙනු දැකගත හැකිව නැත. එහෙයින් ඊයේ දිනයේදී රංගනගේ ආරාධිතයන් විශේෂ නැරඹුම් කුටියේ අසුන් ගැනීම වර්ජනය කර තිබේ.

රට වෙනුවෙන් වසර 20ක් ක්‍රීඩා කර ක්‍රිකට් ආයතනය පොහොසත් කළ මෙවැනි ක්‍රීඩකයෙකු වෙනුවෙන් සංවිධානය කරන කටයුත්තක් මේ ආකාරයෙන් දුර්වල මට්ටමින් පැවතීම ගැන ඔවුන් කණස්සල්ලට පත්ව ඇත.









No comments:

Post a Comment

Post Bottom Ad