වහාම පාර්ලිමේන්තුව කැඳවන්න-ඇමරිකාව දෙවැනි වරටත් ලංකාවට දැනුම් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 9, 2018

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න-ඇමරිකාව දෙවැනි වරටත් ලංකාවට දැනුම් දෙයි


ශ්‍රී ලංකාවේ ගැටලුව විසඳා ගැනීමට පාර්ලිමේන්තුව තුළින්  සිදුකළ යුතු හෙයින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවට නැවතත් දැනුම් දෙයි.



ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුවේ ප්‍රකාශිකා හේද නොරටි සිය ටිවිටර් ගිණුම හරහා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු කැඳවීම ප්‍රමාද කිරීම ශ්‍රී ලංකාව තුළ අස්ථාවරත්වයක් ඇති වීමට හේතුවක් වනු ඇති බවයි.


 මීට ඉහතදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශ්‍රී ලංකාවට මතුව තිබෙන දේශපාලන අර්බුදය පාර්ලිමේන්තුව තුළ විසඳාගත යුතු බවයි.

"ශ්‍රී ලංකා ජනාධිපතිට අපි සඳහන් කරනවා පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් කැඳවා මේ ගැටලුව විසදන ලෙසට. එය ප්‍රමාද වීමෙන් ශ්‍රී ලංකාව තුළ අස්ථාවරත්වයක් ඇති කරනවා මෙන්ම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ ඇති පිළිගැනීම පහත හෙළනවා.  එමෙන්ම ශ්‍රී ලංකා ජනතාව යහපාලනය, ස්ථාවරත්වය හා සෞභාග්‍යය වෙනුවෙන් තබා තිබූ බලාපොරොත්තු කඩ කිරීමක්ද වෙනවා."
යනුවෙන් ඇය සඳහන් කරයි.

මේ අතර බ්‍රිතානයේ ආසියා හා පැසිෆික් අමාත්‍ය මාක් ෆීල්ඩ් මහතා පවසන්නේ එක්සත් රාජධානිය පිළිගන්නේ රට මිස ආණ්ඩු නොවන බව.  ශ්‍රී ලංකාවේ මතුව ඇති ගැටලුව පිළිබඳ ඡායා විදෙස් ලේකම්  එමී ‍ත්‍රෝන්බෙරි මහත්මිය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ඔහු මේ බව සඳහන් කළේය.  එසේම මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාක් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ ගැඹුරින් අවධානය යොමුකර ඇති බවයි.

"මම හැම පාර්ශ්වයකටම කියන්නේ ව්‍යවස්ථාවට ගරු කරමින් ප්‍රමාද වූ නීති හා දේශපාලන ක්‍රියාවලිය ස්ථාපිත කරන ලෙසයි. මේ ගැන මම ඔක්තෝබර් 29 වැනිදා පැහැදිලි  කිරීමක් කළා. ජනාධිපතිවරයා කථානායකවරයා සමග කතාකර පාර්ලිමේන්තුව ඉන්මනින්ම කැඳවා ඡන්දයෙන් පත්වූවන්ට ශ්‍රී ලංකා ජනතාවගේ හඬ ප්‍රකාශ කිරීමට අවස්ථාව විය යුතුයි"  යනුවෙන්ද හෙතෙම කියා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad