පොලිසිය ජනපති යටතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 9, 2018

පොලිසිය ජනපති යටතට


පොලිස් දෙපාර්තමේන්තුව සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගනිමින් අමාත්‍යංශවල විෂය පථය සඳහන් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

මීට පෙර ද මහින්ද ජනාධිපති

සමයේ පොලිස් දෙපාර්තමේන්තුව ජනපතිට අයත් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවැති අතර පසුව  නීතිය හා සාමය අමාත්‍යංශය යටතට පවරා තිබුනි. මෙම අලුත් ගැසට්ටුව මගින් පොලිස් දෙපාර්තමේන්තුව යළිත් වරක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ද පසුගිය දිනවල කතා බහකට ලක්වූ ආයතනයකි. මේ වනවිට ජනමාධ්‍ය රාජ්‍ය ඇමති ලෙදස කෙහෙලිය කටයුතු කළත් ඇමති ධූරයට හිමි වගකීම්  හොබවන්නේ ජනපති මෛත්‍රීය.

නව පාලන ව්‍යුහය තුළ රටට බලපෑම් කරන ජනමාධ්‍ය ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මෛත්‍රීපාල ජනපති යටතේ තබාගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad