ජනපති මෛත්‍රී හදිස්සියේ පොහොට්ටුවේ සාමාජිකත්වය ගනියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 12, 2018

ජනපති මෛත්‍රී හදිස්සියේ පොහොට්ටුවේ සාමාජිකත්වය ගනියි


ලාංකීය දේශපාලනය මේ දිනවල උණුසුම්ය. මේ මොහොතේ කුමක් සිදු වේද යන්න සිතා ගත නොහැක. ජනාධිපතිවරයා විසින් පසුගියදා හදිස්සියේ පාර්ලිමේන්තුව විසිරුවා හරින ලදී. ඉන්පසු එජාපය ජනාධිපතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක් කර අධිකරණයට ගිය අතර එක්සත් ජනාතා නිදහස් සන්ධානය යටතේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම අනිකුත් පක්ෂ සාමාජිකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සාමාජිකත්වය 2018.ඔක්තෝබර්.11 වැනි දින ලබා ගන්නා ලදී. මහින්ද රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද යාපා අබේවර්ධන, නාමල් රාජපක්ෂ ශ්‍රීලනිපයේ බහුතරයක් පොහොට්ටුවට එකතු විය. මේ ගැන දේශපාලන විචාරකයින් රැසකගේ අදහස වුයේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාව නිසා ශ්‍රීලනිපයේ මළගම මෛත්‍රී අතින්ම සිදු වූ බවය. එපමණක් නොව එදා සෝමාරාම,බුද්ධරක්ඛිත විසින් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාව ඝාතනය කලාක් මෙන්ම මෛත්‍රී ශ්‍රීලනිපය ඝාතනය කර අවසන් බවය. එමෙන්ම මහින්දටද දේශපාලනයේ හිනිපෙත්තට ඒමට සවිය මෙන්ම සෙවණ දුන් තම මවූ මෙන් තිබු ශ්‍රීලනිපය මරණය ඊයේ සිදු කල බවය.

මෙහි විශේෂ කාරණයක් ඇත. ජනපති මෛත්‍රී, දියණිය චතුරිකා විසින් ඊයේ දින එනම් (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකත්වය හිටපු ජනාධිපති මහින්ද අතින් ලබාගෙන ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. 

39,342 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad