7 වනදා තීන්දුව තෙක් දිගටම පාර්ලිමේන්තු නොඒමට ආණ්ඩු පක්ෂ තීරණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 23, 2018

7 වනදා තීන්දුව තෙක් දිගටම පාර්ලිමේන්තු නොඒමට ආණ්ඩු පක්ෂ තීරණයක්


ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කර ඇති
නඩුවල තීන්දුව ලැබෙන තෙක්
පාර්ලිමේන්තු සභා රැස්වීම් සදහා සහභාගී නොවීමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර ඇතැයි වාර්තාවේ.
අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්‍ෂ මැති ඇමතිවරුන් විසින් අද මෙම තීරණය ගෙන ඇති බවද පැවසේ.
කතානායක කරු ජයසූරිය මහතා අතිශය පක්‍ෂපාතී ලෙස කටයුතු කරන බව ඔවුනගේ චෝදනාව වන අතර විපක්ෂය පවසන්නේ බහුතරය නැති නිසා ඔවුන් පාර්ලිමේන්තුව මග හරින බවයි.

දෙසැම්බර් 07 වැනිදා අධිකරණ තීන්දුව අනුව පාර්ලිමේන්තුව විසුරුවීම හෝ නොවීම තීරණය වේ.

ආණ්ඩුවක් පවත්වායන කණ්ඩායමක් මේ ආකාරයට පාර්ලිමේන්තුව දිගටම මගහැරීම ලෝක දේශපාලනය තුළද විරල සිදුවීමකි.

No comments:

Post a Comment

Post Bottom Ad