සනත්ට ICCයෙන් සති 2යි – ෆෝන් කතාව ගැන හෙට හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 17, 2018

සනත්ට ICCයෙන් සති 2යි – ෆෝන් කතාව ගැන හෙට හෙළිදරව්වක්


ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරිය මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද සිට සති දෙකක කාලසීමාවක් නියම කර තිබේ.
ඒ දූෂණ විරෝධී නීති දෙකක් කඩකිරීම පිළිබඳ කරුණු දැක්වීම සඳහායි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විමර්ශන සඳහා ජයසූරිය මහතාගේ ජංගම දුරකථනය ලබාදීම නිසි ලෙස ඉටු නොකීරීම මෙම නියෝගයට හේතු වූ බව ද බීබීසී පුවත් සේවය සඳහන් කළේය.
පෞද්ගලික කරුණක් මත දුරකථනය ලබාදීමට ප්‍රමාද වූ බවට ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දන්වා ඇතැයි එහි සඳහන් ය.
මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සඳහා සනත් ජයසූරිය මහතා සහ ඔහුගේ නීතීඥවරයා හෙට මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.
සිම්බාබ්වේ පිළේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ ලැබුණු පැමිණිලි මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණ ආරම්භ කළේය.
එහිදී එවකට තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ සනත් ජයසූරිය මහතා ද අවස්ථා කිහිපයකදී මේ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රශ්න කිරීමකට ලක් වූහ.
වසරකට අධික කාලයක් මෙම පරීක්ෂණ පැවැත්විණ.
15,334 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad