රට පුරාම වැසි තත්ත්වය වැඩිවන බව කාලගුනේ දන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 20, 2018

රට පුරාම වැසි තත්ත්වය වැඩිවන බව කාලගුනේ දන්වයි


දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (20) දින සිට ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකළපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.
සෙසු ප්‍රදේශවලද, ඇතැම් ස්ථානවලට (විශේෂයෙන් උතුරු මැද සහ වයඹ පළාත්වල) මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad