මහ බැංකු අධිපතිගේ සොයුරියක් : ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 17, 2018

මහ බැංකු අධිපතිගේ සොයුරියක් : ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට


වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ සොහොයුරියක වන ආචාර්ය රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් ආචාර්ය රාධිකා කුමාරස්වාමි පත්කර තිබේ. 
මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගම් ලේකම්වරයා විසින් දන්වා ඇත්තේ  ඊයේ  (01) දින සිට මෙම පත්වීම බලපැවැත්වෙන බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛ පෙළ් තනතුරු කිහිපයක්ම හොබවා ඇති ඇය 2003 සිට 2006 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වශයෙන් කටයුතු කළාය. මානව හිමිකම් ක්‍රියාකාරිනියක මෙන්ම නීති විශාරදවරියක් ලෙසින් ද ඇය ප්‍රසිද්ධියට පත් වී සිටී. ඇය New York University of Law හි නීතිය පිළිබඳ ගෝලීය මහාචාර්යවරියකි.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී මෙරට ලැයිස්තුගත විශාලතම සමාගම් සමූහයද වෙයි.
4,674 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad