චන්ද‍්‍රිකාගෙ අපල කාලේ ලබයි.. චන්ද‍්‍රිකාට විරුද්දව විරෝධතා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 16, 2018

චන්ද‍්‍රිකාගෙ අපල කාලේ ලබයි.. චන්ද‍්‍රිකාට විරුද්දව විරෝධතා..


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට එරෙහිව විරෝධතාවයක් අම්බලන්ගොඩ නගරයේ දී පැවතිණි.
දකුණු පළාත් ස්වාධීන ජනමාධ්‍ය සංගමය විසින් මෙම විරෝධතාවය පැවැත්වූයේ හිටපු ජනාධිපතිනිය විසින් අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මාධ්‍යවේදීන්ට කළ තර්ජනයට විරෝධය පළ කරමිනි.
හිටපු ජනාධිපතිනිය විසින් එහිදී ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහුරා දැමූ බවත් ජනතාවගේ ප්‍රශ්න ගැන සිදු කරන සාකච්චා දැනගැනීමට ජනතාවට අයිතියක් තිබෙන බවත් ඔවුහු සඳහන් කළහ.
අද වන විට ජනාධිපති අගමැති හා ආණ්ඩුව පවා විවේචනය කිරීමට මාධ්‍යයට අයිතිය තිබිය දී හිටපු ජනාධිපතිනියගේ මේ හැසිරීම දැඩිව හෙළා දකින බව ද ඔවුහු කියා සිටියහ.
හිටපු ජනාධිපතිනිය යහපාලනය ගොඩනැගීම සඳහා කැප වූ තැනැත්තියක් ලෙස ඇයගේ මේ හැසිරීම විහිළුවක් බවත් එය දැඩිව හෙළා දකින බවත් විරෝධතාකරුවෝ තව දුරටත් කියා සිටියහ.
16,008 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad