නාගරික මන්ත්‍රී කතරගම ගිය අතරේ කළුබෝවිල නිවසේ නැන්දණිය මරාදාලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 20, 2018

නාගරික මන්ත්‍රී කතරගම ගිය අතරේ කළුබෝවිල නිවසේ නැන්දණිය මරාදාලා


දෙහිවල ඇන්ඩර්සන් පාරේ තෙමහල් නිවසක දෙවන මහලේ කාමරයක ඇඳක් මතදී 67 හැවිරිදි දෙදරු මවක් ගෙල සිරකර හා මුව තද කර  ඝාතනය කර ඇතැයි කොහුවල පොලිසිය කියයි. ඝාතනයට ලක්ව ඇත්තේ ස්වර්ණලතා පෙරේරා යන අයයි.

 ඝාතනයට ලක්වූ කාන්තාව දෙහිවල ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රී සමන්ත පෙරේරා මහතාගේ නැන්දණිය බව පොලිසිය කියයි. මෙම තැනැත්තිය 72 හැවිරිදි සැමියා, දියණිය, ඇයගේ දරු දෙදෙනා හා ඇයගේ සමියා වන නාගරීක මන්ත්‍රිවරයා සමඟ මෙම දෙමහල් නිවසේ ඉහළ මහලේ පදිංචිව

සිටින බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත. ඉකුත් 16 වැනිදා  නාගරික මන්ත්‍රීවරයා ඔහුගේ බිරිය හා දරු  දෙදෙනා සමඟ කතරගම වන්දනාවේ ගොස් පසුදින සවස නිවෙසට පැමිණ ඇති අතර නිවසේ සිටි පියා දියණිය අමතා අම්මා නැගිටින්නේ නැහැ යැයි පවසා ඇතැයි පොලීසිය කියයි.

ඇය කාමරයට ගොස් ඇදෙහි සිටි මවට කතා කළද පිළිතුරක් නොවුයෙන් වෛද්‍යවරයකු ගෙන්වා පරික්ෂා කිරීමේදී ඇය මියගොස් ඇතැයි දැනගෙන තිබේ. මේ පිළිබඳව කොහුවල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂා කිරීම සඳහා කළුබෝවිල හදිසි මරණ පරික්ෂක විපුල මාරසිංහ මහතා කැඳවා ඇත. ඒ මහතාගේ නියෝග මත පශ්චාත් මරණ පරීෂණය පැවැත්වීම සඳහා මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කෙරිණි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය කෝප්‍රල් සංකර් මහතා මරණ පරීක්ෂා කිරීමේදී ගෙල පෙදෙසේ තැළිම් 

තුවාලයක් දක්නට ලැබීමත් සමඟ ඒ බව පොලිසිය දැනුවත් කර අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් නිළධාරින් කීය. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට මෙන්ම කළුබෝවිල රෝහලේ මෘත ශාරීරාගාරයට පැමිණ ලබාදුන් නියෝගයක් අනුව කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී කන්තාවගේ මරණය වී ඇත්තේ ගෙල හා මුව සිර කිරීමේන් බවට වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වූ බවට පොලිස් නිලධාරියා වඩිදුරටත් පැවැසීය.

කතරගම වන්දනාවේ ගිය 16 වැනි දින රාත්‍රියේ මව සමඟ දුරකතනයෙන් කතා කළ බවද ඇයගේ දියණිය පොලිසියට දුන් ප්‍රකාශයක සඳහන්ය. 17 වැනිදා උදේ 9ට පමණ අවදි වී "මට අද තේ නැද්ද” යැයි තමා බිරියගෙන් ඇසූ බව ඝාතනයට ලක්වූ කාන්තාවගේ ස්වාමි පුරුෂයා පවසා අතැයි පොලිසිය කියයි. තෙමහල් නිවසේ පහත මහලේ පුද්ගලයන් තිදෙනකු නවාතැන් ගෙන ඇති අතර කාන්තාව සිටි නිවසට කිසිදු ආගන්තුක පුද්ගලයකු පැමිණි බවට කිසිදු සලකුණක් දක්නට නැති බවද පොලිසිය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad