අබිරහස් ලෙස මියගිය සන්නිවේදන ව්‍යපාරිකයාගේ දේහයේ කොටස් රස පරීක්ෂකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 20, 2018

අබිරහස් ලෙස මියගිය සන්නිවේදන ව්‍යපාරිකයාගේ දේහයේ කොටස් රස පරීක්ෂකට


සිය සන්නිවේදන ව්‍යපාර ආයතනය තුළ අබිරහස් අයුරින් මියගොස් සිටි තැනැත්තෙකු පිළිබඳව රාගම
රෝහලේ අධිකරණ

වෛද්‍ය පරීක්ෂණයෙන් පසු මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදී දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇතැයි පොලිසිය පවසයි.

ඉකුත් 17 වැනිදා රාත්‍රි කඳාන දුමිරිය ස්ථානය අසල සන්නිවේදන ආයතනයේදී අබිරහස් ලෙස මියගොස් සිටි තැනැත්තකු පොලිසිය සොයා ගැනීමෙන් පසුව එම ස්ථානයට පැමිණි රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂක ප්‍රියංකර ලාල් මහතා මූලික පරීක්ෂණ පවත්වා දේහය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රාගම රෝහලට යොමු කර තිබිණි.

මෙලෙස මියගොස් ඇත්තේ මහවැව, මාරවිල පදිංචි චමින්ද තිලකරත්න (36) නමැති අවිවාහක තරුණයෙකි. කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ජයලත් මහතා ඉදිරී පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad