කටුසු පච්චයෙන් මාළු හොරා දැනෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 20, 2018

කටුසු පච්චයෙන් මාළු හොරා දැනෙයි


අතක කොටා තිබූ කුඩා කටුසු රූපයක් ඔස්සේ පරීක්ෂණ කර සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට දුන්ගාල්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය සමත්ව ඇත.  මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට
ගැනීමට හැකිවී ඇත්තේ පිටිපන ලෙල්ලමේ කඩයක දොරගුළු කඩා මාළු තොගයක් සොරකම් කිරීම පිළිබඳ ලැබුණු පැමිණිල්ලක් ගැන අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මාරසිංහ මහතා සිදුකළ සීසීටීවී දර්ශන විල්ලේෂණයකිනි.

සීසීටීවී දර්ශනවල සැකකරුවන් දෙදෙනා

සොරකම් කරන අයුරු සටහනේ තිබුණත් මුහුණු  ආවරණය කරගෙන සිටීම නිසා ගැටලුවක් මතුවී තිබිණි. මේ නිසා ඉතාමත් සූක්ෂම ලෙස දර්ශන පරීක්ෂා කර ඇති උප පොලිස් පරීක්ෂකවරයා මෙම එක් සැකකරුවකු අතේ කුඩා කටුසු රූපයක් පච්චා කොටා තිබණු නිරීක්ෂණය කර ගෙන ඇත. කටුසු රූපය පච්චා කෙටු පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳ තොරතුරු සොයා ගෙන ඇති පරික්ෂණ කණ්ඩායම සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කීමේදී සොරකම පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.

මසුන් අලෙවිසල් දොරගුළු කඩා එහි තිබූ අධිශීතකරණයකින් රුපියල් 50,000ක් පමණ වටිනා මාළු රැගෙන ඔරුවට පටවාගෙන කළපුවට රැගෙන ගොස් එහි නවතා තිබු බෝට්ටුවකට හොරෙන් පටවාගෙන ධිවරයන් දෙදෙනකු මෙන් ඇඳල මාළු වෙළඳපොළට අලුයම රැගෙන ගොස් විකුණා රුපියල් 35,000ක් ලබාගෙන තිබේ.
අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති මොවුන් දෙදෙනාගෙන් එක් අයකු ලෙල්ලමේ මාළු කැපීමේ නිරත වන අතර මදපිටිපන පදිංචි 28 වියැති වාහකයෙකි. අනෙක් සැකකරු පිටින පදිංවී 22 වියැති අයෙකී.

No comments:

Post a Comment

Post Bottom Ad