2018 පෙබරවාරියේ පමණක් ශ්‍රී ලන්කන් එයාර් ගමන් ප්‍රමාද 911 ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 1, 2018

2018 පෙබරවාරියේ පමණක් ශ්‍රී ලන්කන් එයාර් ගමන් ප්‍රමාද 911 ක්


පසුගිය පෙබරවාරි මාසයේ පමණක් ශ්‍රී ලන්කන් එයාර් ගුවන් සමාගමේ ගුවන් ගමන් 900 ක් නියමිත
වේලාවන්ට

ප්‍රමාදවී ගුවන් ගතකිරීම හා ගොඩබෑම සිදු කර ඇති බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත හෙළිකර තිබේ. මෙම ගමන් වාර 280 ක්ම කටුනායකදී සිදු කළ ප්‍රමාදවීම් වන අතර අනෙක් 631 විදෙස් රටවලදී සිදු කර ඇති ප්‍රමාද කිරීම්ය. මෙම සංඛ්‍යාලේඛන ජනවාරියේ පිරික්සීමේදී 840 ක් බවත් පෙබරවාරියේ 911 ලෙස ඊටත් වඩා ප්‍රමාදවීම් සිදු කර ඇති බවත් විශ්ලේෂකයින් පෙන්වාදී ඇත. වැඩිදුර විමසීමේදී මේ කියන ප්‍රමාදයන් 911 න් 121 ක්ම පැය කට ආසන්න ප්‍රමාද වීම් බව වාර්තා කර තිබේ.
වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ ශ්‍රී ලංන්කන්ගුවන් සමාගමේ කළමනාකාරීත්වයේ පවතින අවුල් සහගත බව මෙම තත්වයට මුල්ව ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad