‘‘වෙන කාගෙන්වත් දැක්කේ නෑ..‘‘ ඉන්දියාවත් එක්ක ඇරගත්ත ඩික්කාට රසල් ආනල්ඩ් ආදරෙයිලු - ෂමී සහ කෝලි එක්ක දික්වැල්ල ගිය වලිය මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 20, 2017

‘‘වෙන කාගෙන්වත් දැක්කේ නෑ..‘‘ ඉන්දියාවත් එක්ක ඇරගත්ත ඩික්කාට රසල් ආනල්ඩ් ආදරෙයිලු - ෂමී සහ කෝලි එක්ක දික්වැල්ල ගිය වලිය මෙන්න (VIDEO)

නිමාවූ ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනයේ ශ්‍රී ලංකා පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ ඉන්දීය වේගපන්දු යව ක්‍රීඩක මොහොමඩ් ෂමී අතර යම් උනුසුම්කාරී තත්වයක් ඇතිවිය.

එහිදි එක් අවස්ථාවක මොහාමඩ් ෂමීගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරන දික්වැල්ල ඉන්දීය පන්දු යවන්නන් නිවැරදි ලෙස ස්ථානගතව නොවී ඇති බවත්, එය නිපන්දුවක් ලෙස සටහන් කරන ලෙසත් විනිසුරුවන්ගෙන් කළ ඉල්ලීම ,නායක විරාත් කෝලි,ෂමී සහ දික්වැල්ල අතර මෙම උනුසුම් වචන හුවමාරුවට හේතුවිය.

මේ මොහොතේ කඩුලු 4ක් දැවී ශ්‍රී ලංකා පිල අසීරු අවස්තාවක පසු වූ අතර නිරෝෂන් දික්වැල්ල අවස්ථා කිහිපයකදීම තරඟය ප්‍රමාද කිරිමට නිකරුනේ කාලය වැය කකරන බව ඉන්දියානු ක්‍රීඩකයන්ගේ චොදනව විය. එහිදි එක් අවස්ථාවක මොහොමඩ් ෂීම් දික්වැල්ල වෙත ගොස් යමක් පවසන අතර අවසානයේ විනිසුරුවන් හා නායකයන් දෙපළද තත්වය සමනය කිරීම සඳහා සම්බන්ධ විය.

කෙසේ වෙතත් දික්වැල්ලගේ මෙම හැසිරීම විස්තර විචාරක රසල් ආනල්ඩ්ගේ පැසසුමට ලක්වී තිබේ.ට්විටර් පණිවුඩයක් නිකුත් කරන රසල් ආන්ල්ඩ් පවසන්නේ අනෙක් පිතිකරුවන්ගේ එවැනි ආත්ම විශ්වාසයක් හා තරඟයට ප්‍රවිශ්ඨ වීමක් නොදුටු බවයි.




එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න..


No comments:

Post a Comment

Post Bottom Ad